ජපාන H3 රොකට්ටුවේ දියත්කිරීම අසාර්ථක වේ

ජපාන අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් JAXA ආයතනයෙන් පසුගිය මාර්තු 6 වෙනි දින අභ්‍යවකාශගත කරන ලද H3 රොකට්ටුව ගුවන්ගතවී මිනිත්තු 5 හා තත්පර 27 පසු අසාර්ථකවී තිබෙනවා. මීට හේතුව වී ඇත්තේ රොකට්ටුවේ දෙවන අදියර නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීමයි.