සුර්ය රැස් වළලු වල අභිරහස

විශ්වය පිළිබද අප සතු දනුම් සම්භාරය අනුව එහි තවදුරටත් සැඟවුන අභිරහස් පවතීද යන්න විශ්වාස කිරීමට අපහසු කරුණක්. නමුත් නොවිසදුන රහස් රැසක් තවමත් විශ්වයේ පවතිනවා. තාරකා විද්‍යාවේ ප්‍රධානතම අහිරහසක්‌ ලෙස අපට යාබදව පිහිටා තිබෙන සුර්යා හැඳින්විය හැකියි. පෘටිවිය විශාල ශිලා ගෝලයක් ලෙස හඳුන්වන්නට නොහැකිවාක් මෙන් සුර්යාද විශාල ගිනි බෝලයක් විදිහට හඳුන්වන්නට නොහැකියි. පෘටිවිය මත කඳු පිහිටා ඇති…

විශ්ව ප්‍රතිචක්‍රීකරණය: තාරකා වලින් ඉගෙන ගනිමු

ඔබ කසල බඳුනකට දමන ප්ලාස්ටික් බෝතලය තව වසර සියයකට පසුත් ගොඩකළ ඉඩමක හෝ සාගරයේ පාවෙමින් පවතිනු ඇත. තව වසර සියයකින් පෘටිවිය කොයි අකාරයේන් වෙනස් වී පවතීද යන්න කිසිවකුට නිශ්චිත ව කිව නොහැක. නමුත් අප දන්නා පරිදි ප්ලාස්ටික් බෝතලය නම් එලෙසින්ම ප්ලාස්ටික් බෝතලයක් ලෙස පවතිනු ඇත. මෙසේ සිදුවීම වැළැක්වීමට අපට කල හැකි දේ මොනවාද? අපට විශ්වය…

කාල කුහර වලට ජෙට් ප්‍රවාහයකින් අහියෝග කල සුපිරි තාරකාව

අභ්‍යවකාශයේ බලසම්පන්න ජෙට් ප්‍රවාහ නිපදවීම සඳහා දශක ගණනාවක සිට පෙරමුණ ගෙන සිටියේ කාල කුහරයි. වෙනත් වස්තු වලින් නිපදවන කුඩා ජෙට් ධාරා වලට සාපේක්ෂව ඒවා අපට නිරීක්ෂණය කල හැකි තරම්ට දීප්තිමත් විය. නමුත් මේ වන විට එයට අභියෝග කල හැකි අන්දමේ තාරකාවක් විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබේ. මෙසේ අභියෝග කරන්නේ නියුට්‍රෝන තරුවක් ලෙස හැඳින්වෙන සුපිරි සුසංහිත තාරකා…

ආකාශ වස්තු නාමකරණය

ඔබටත්  සුරතලෙක් සිටිනවාද? උගේ නම කුමක්ද? (ඔබට සුරතලෙකු නැත්නම් සිතන්න ඔබට සිටියා නම් මොන වගේ නමක් ඔබ යොදා ගනීද කියා). දැන් සිතන්න ඔබේ සුරතලාට පැටවුන් දස දෙනක් ලැබුණා කියා. ඔබ ඔවුන්ව අමතන්නේ කෙසේද? දැන් සිතන්න එම පැටවුන් වැඩී ඔවුන්ගේත් පැටවුන් දස දෙනා බැගින් වැදුවා කියා. ඔබ මේ සියලු දෙනා නම් කරන්නේ කෙසේද? මෙය දිගින් දිගටම…

දකුණු අහසේ අවතාරය

මෙම අභ්‍යවකාශ සේයාරුවේ දැක්වෙන අලංකාර ආලෝක බුබුල අඳුරු අවකාශයේ සැරිසරන තාරකා  අවතාරයකි. තාරකා සිය අවසන් මොහොත එළඹුන පසුව අවතාර බවට පත් වන බව ඔබ දැන සිටියාද? අපගේ සුර්යාට සමාන තාරකාවක් ලෙස පැවතුන මෙම වස්තුව දැන් තාරකා අවතාරයක් බවට පත් වී තිබේ. තාරකා අවතාර ග්‍රහ නිහාරිකා ලෙස හඳුන්වන  අතර තාරකාවක් මියගිය පසු ඉතිරි වන ද්‍රව්‍ය වලින්…

විශ්ව සැකසුම් වට්ටෝරුව

අපේ විශ්වයට සමාන තවත් විශ්වයක් පිලියල කර ගැනීමට කැමතිද? ඔබට අවශ්‍ය ද්‍රව්‍ය පහත දැක්වේ හයිඩ්‍රජන් කෝප්ප 3ක් හීලියම් කෝප්ප 1 ඇඹරූ ලිතියම් බෙරේලියම් ස්වල්පයක් දැන් මෙම අමුද්‍රව්‍ය සියල්ල අතිශයින්ම කුඩා ගෝලයක් වනතුරු අඹරා මහ පිපුරුම සිදුවන තුරු ආරක්‍ෂිත දුරකින් රැඳී සිටින්න. මෙය විශ්වයේ අමුද්‍රව්‍ය වට්ටෝරුවයි. ආරම්භයේදී එය නිර්මාණය වී පැවතුන මුලද්‍රව්‍ය වන්නේ ඉහත සඳහන් කල…

මීදුම විනිවිද ආදී කාලීන මන්දාකිනි සොයා යන ALMA දුරදක්නය

හිරු උදාවට පෙර අවදි වූ දිනක පරිසරයේ දැකිය හැකි මීදුම, හිරු උදාවත් සමග අතුරුදහන් වන අයුරු ඔබ නිරීක්ෂණය කර තිබේද? ඊට බෙහෙවින් සමාන සංසිද්ධියක් විශ්වයේ ආරම්භක අවදියේදී ද සිදුවී ඇත. විශ්වයේ ප්‍රථම තාරකා හා මන්දාකිනි ඇතිවීමට ප්‍රථම එය පිරී පැවතී තිබුනේ හයිඩ්‍රජන් වායුවෙන් සමන්විතවූ මීදුමකිනි. නමුත් විශ්වයේ හටගත් මුල්ම මන්දාකිනි වල පැවති යෝධ තාරකා මගින්…

සෞරග්‍රහ මණ්ඩලයේ සුපිරි වීරයා

අපගේ සෞර ග්‍රහමණ්ඩලයේ සුපිරි වීරයා ලෙස සැලකෙන්නේ බ්‍රහස්පති ග්‍රහලොවයි. මෙම යෝධ ග්‍රහලොවේ ස්කන්ධය සෙසු සියලුම ග්‍රහලෝක වල ස්කන්ධයන්ගේ එකතුව මෙන් දෙගුණයකටත් වඩා වැඩිවේ. මෙම විශාල ස්කන්ධය නිසා ලැබෙන යෝධ ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් සෞර ග්‍රහමණ්ඩලයේ සුපිරි වීරයාගේ භූමිකාව බ්‍රහස්පති ග්‍රහයා වෙත ලැබී ඇති අතර එය පෘටිවියේ ජීවය ආරක්ෂා වීමටද හේතු වී ඇත. වසර මිලියන 65කට පෙර…

වෙන්වී යන තරු පොකුරු

තාරකා විශාල සංඛ්‍යාවක් එක් වී මන්දාකිනි නිර්මාණය වේ. මන්දාකිණි තුල තාරකා බිලියන සංඛ්‍යාවක් පවතින අතර ඊට අමතරව අන්තරීක්ෂ දුවිලි හා වෙනත් ද්‍රව්‍ය රැසක් ද අඩංගු වේ. තාරකා එක්වී මන්දාකිණියක්  නිර්මාණය වන්නේ කිලිටු රෙදි ගොඩ ගැසූ රෙදි පොට්ටනියක් සෑදෙන ආකාරයට නම් නොවේ. මන්දාකිනි නිශ්චිත හැඩයක් හා පිළිවෙලකට සැකසෙන්නේ මනා පිළිවෙලකට නමා තැන්පත් කල ඇඳුම් තොගයක් පරිද්දෙනි.…

කෑදර මන්දාකිනි

තරු සිය දහස් ගණනක් එක්වීමෙන් මන්දාකිනි නිර්මාණය වීම සිදුවේ. නමුත් ඔබ දන්නවාද ඒවා කුඩා මන්දාකිනි ගිල දමා තව තවත් විශාල වනබව? තාරකා විද්‍යාඥයන් එසේ සිදු වේ යැයි විශ්වාස කලත් එය ඔප්පු කර ගැනීම තරමක් අපහසු වුණා. කුඩා මන්දාකිණියක් ගිල ගත් පසු එවැන්නක් තිබුනාද යන්න ගැන කිසිදු සාක්ෂියක් ඉතිරි වන්නේ නැහැ. එය හරියට පොකුණකට විසි කල…