මීදුම විනිවිද ආදී කාලීන මන්දාකිනි සොයා යන ALMA දුරදක්නය
හිරු උදාවට පෙර අවදි වූ දිනක පරිසරයේ දැකිය හැකි මීදුම, හිරු උදාවත් සමග අතුරුදහන් වන අයුරු ඔබ නිරීක්ෂණය කර තිබේද? ඊට බෙහෙවින් සමාන සංසිද්ධියක් විශ්වයේ ආරම්භක අවදියේදී ද සිදුවී ඇත. විශ්වයේ ප්රථම තාරකා හා මන්දාකිනි ඇතිවීමට ප්රථම එය පිරී පැවතී තිබුනේ හයිඩ්රජන් වායුවෙන් සමන්විතවූ මීදුමකිනි. නමුත් විශ්වයේ හටගත් මුල්ම මන්දාකිනි වල පැවති යෝධ තාරකා මගින්…