“බ්‍රයන් මේ” නයිට් පදවියකින් පිදුම් ලබයි

නාසා ආයතනයේ භොතික විද්‍යාඥ ආචාර්ය බ්‍රයන් මේ නයිට් තනතුරකින් පිදුම් ලබා තිබෙනවා. ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සුප්‍රකට ක්වීන් සංගීත කණ්ඩායමේ ගිටාර් වාදන ශිල්පියා ලෙසයි. පර්යේශන විද්‍යාඥයෙක් ලෙස නාසා ආයතනයේ මෙහෙයුම් රැසකට ඔහු දායකත්වය ලබා දී තිබෙනවා.

නාසා විද්‍යාඥයකු සමග ඇස්ටරොයිඩ ගැන කතාබහක්

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය සහ කොලබ විශ්ව විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය එක්ව, ලෝක ඇස්ටරොයිඩ දින සැමරුම වෙනුවෙන් සූම් ඔස්සේ වෙබ් සම්මන්ත්‍රනයක් සංවිධානය කර තිබෙනවා. මේ සඳහා සහභාගී වන්නේ නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයකු වන ආචාර්ය හෙන්රි ත්‍රෝප් මහතායි. කුයිපර් පටියේ ඇස්ටරොයිඩ ගවේශනය පිලිබඳව ඔහුගේ අත්දැකීම්, ශ්‍රී ලංකාවේ සිට සිදු කරන ලද ඇස්ටරොයිඩ විමර්ශන මෙන්ම කුඩා දුරදක්න…

අඟහරු පාශාන පෘථිවියට ගෙන ඒමේ ව්‍යාපෘතිය

කුඩා රොකට්ටුවක් ආධාර කරගෙන අඟහරු මතදී එකතු කරගන්නා පාශාන සාම්පල යලි පෘථිවියට ගෙන්වීමට නාසා ආයතනය සූදානම් වනවා. ඩොලර් ම්ලියන 194කට ඇස්තමේන්තු කර ඇති මෙම ව්‍යාපෘති කොන්ත්‍රාත්තුව භාරදී ඇත්තේ ලොක් හීඩ් මාටින් සමාගමටයි. මෙය වෙනත් ග්‍රහලොවකින් පෘථිවියට සාම්පල රැගෙන එන මුල්ම අවස්ථාව ලෙස ඉතිහාසගතවනු ඇති. මෙහි මුල්ම අදියර ලෙස අඟහරු සාම්පල් එකතු කිරීම සිදු කරනු ලබන්නේ…

අඟහරු හෙලිකොප්ටරයේ දෝශයක්

අඟහරු මත ක්‍රියාත්මක වන ඉන්ජෙනුයිටි හෙලිකොප්ටරයේ භ්‍රමන වේගය පිලිබඳ සිදුකිරීමට ගිය පරීක්ශනයක් අතරමැද නවතා දමා තිබෙනවා. එය සාමාන්‍යෙන් ක්‍රියාත්මක වන තත්පරයට වට 2537ක වේගයට වඩා ඉහල 2700 වේගයකින් එය ක්‍රියාත්මක කිරීමට නියමිතව පැවතුනා. අඟහරු මත සිදුවන සෘතු විපර්යාසයන් හා සමගාමීව එහි වායුගෝලය තරමක් තුනී වී පැවතීම හේතුවෙන් හෙලිකොප්ටරය ගුවන් ගත වීම සඳහා ඉහල භ්‍රමන සීඝ්‍රතාවයකින්…

9/11 ප්‍රහාරයේ සංවත්සරය වෙනුවෙන් අභ්‍යවකාශගාමීන් ශෝකය පලකරයි

වසර විස්සකට පෙර, එනම් 2001 සැප්තැම්බර් 11 එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වෙනුවෙන් ශෝකය පල කිරීමට අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන්ද එක් වුනා. මේ සඳහා මේ වන විට එහි සිටින ඇමරිකානු, රුසියානු, ජපාන සහ ප්‍රංශ ගගනගාමීන් සහභාගි වුනා. 9/11 ප්‍රහාරය සිහිපත් කිරීමට නාසා ආයතනය මීට පෙර 2001 වසරේ එන්ඩේවර් අභ්‍යවකාශ ශටලය සමග ඇමරිකානු කොඩි 6000…

Space X මෙහෙයුම සාර්ථකව අවසන්. ගගනගාමීන් යලිත් පෘථිවියට

නාසා ආයතනය සහ Space X සමාගම Demo 2 මෙහෙයුම අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත දියත් කල අයුරු පසුගිය දිනක අප වාර්තා කලා. එහි අවසානය සනිටුවහන් කරමින් නාසා ගගනගාමින් සුරක්ශිතව අගෝස්තු 3 වන දින යලි පෘථිවියට ලගා උනා. ඒ සමගම ගගන ගාමීන් ප්‍රවාහනය සදහා තවදුරටත් මිල අධික රුසියානු සෝයුස් යානා භාවිතා කිරීමට ඇමරිකාවට සිදු නොවනු ඇති. සෝයුස්…

අගහරු ග්‍රහයා වෙන හෙලිකොප්ටරයක් රැගෙන යන නාසා මෙහෙයුම

ජුලි 30 වෙනිදා අගහරු ග්‍රහයා වෙත ගමන් කරන නවතම නාසා රෝවරය ඇමරිකාවේ කේප් කැනවරල් ගුවන් හමුදා කදවුරෙන් පිටත් වුයේ ඇට්ලස් 5 රොකට්ටුවක් මගිනුයි. Mars 2020 Perseverance rover ලෙස නම් කර ඇති මෙම රෝවරයේ විශේශත්වය නම් එය සමග අඩoගු කර ඇති “ඉන්ජෙනුයිටි” හෙලිකොප්ටර් යානයයි. මෙය වෙනත් ග්‍රහලොවක් මත ගමන් ගන්නා ප්‍රථම ගුවන් යානය බවට පත් වනු…

Space X Demo 2 මෙහෙයුම සාර්ථකව ඉදිරියට

වානිජ අභ්‍යවකාශ ගමන් ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් NASA ආයතනය හා Space X සමාගම මගින්  Space X Demo 2 මෙහෙයුම සාර්තකව සිදු කරමින් පවතිනවා. මෙය මැයි 27 දියත් කිරීමට නියමිතව පැවතුනද අයහපත් කාලගුනය නිසා මෙහෙයුම කල් දැමීමට සිදු උනා. අයහපත් කාලගුනය හමුවේ වුවද අවසානයේ නව Dragon අභ්‍යවකාශ යානය සහිත ෆෝල්කන් 9 රොකට්ටුව මැයි 30 අභ්‍යවකාශ ගත…

ඇපලෝ 13

13 කියන්නේ අශුභ ඉලක්කමක් කියලා විශ්වාසයක් තියනවානේ. නාසා ආයතනය දියත් කරපු ඇපලෝ ව්‍යාපෘතියේත් එහෙම සිදුවීමක් උනා. සද මත පා තබන්නට සැලසුම් කර තිබුන මෙම ඇපලෝ 13 මෙහෙයුම අතර මැද නතර කරන්නට සිදු වුනේ සේවා මොඩියුලයේ ඔක්සිජන් ටැන්කිය පුපුරා යාම නිසායි. මේ නිසා ගගන ගාමීන්ට සේවා මොඩියුලය අත හැර දමා චන්ද්‍ර මොඩියුලයට මාරු වන්නට සිදු වනවා.…