ඔබේ පාසලටත් දුරදක්නයක් අවශ්‍යද?

අන්තර්ජාතික අභ්‍යවකාශ සංගමය (International Astronomical Union), බෙල්ජියම සහ ලීඩන් විශ්ව විද්‍යාලය එක්ව ලොව පුරා සිටින තාරකා විද්‍යා සංගම්, පාසල්, සහ විශ්ව විද්‍යාල සඳහා නොමිලේ දුරදක්න ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා අවශ්‍ය වන්නේ ඔබේ නම, විද්‍යුත් ලිපිනය, රට, වචන 2000 අඩු ව්‍යාපෘති යෝජනාවක් සහ ඔබගේ පාසලේ හෝ ආයතනයෙන් සනාත කිරීමේ ලිපියක් පමනයි. මෙම…

දූවිල්ලෙන් වැසෙන InSight මෙහෙයුම

නාසා ආයතන මගින් 2018 වසරේදී අඟහරු මත ගොඩබැස්වූ ඉන්සයිට් (InSight) රෝවරය මේ වනවිට දුවිල්ලෙන් වැසි ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සුර්ය පැනල වල ආධාරයෙන් ඊට අවශ්‍ය බලය උත්පාදනය කරගත් නමුත් මෙම ගැටලුව නිසා එහි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය තරම් ප්‍රමාණවත් බලයක් උත්පාදනය කරගැනීමට නොහැකි තත්වයක් ඇතිවී තිබෙනවා. නසා ආයතනය මේ බව ප්‍රකාශකර සිටියේ අප්‍රේල් මස 24 වන…

අභ්‍යවකාශයේ මුද්‍රණය වන සන්නිවේදන ඇන්ටනා

අභ්‍යවකාශ ගතකරන චන්ද්‍රිකා වලින් සිදුවන්නේ ඒවායේ ඇති විද්‍යාත්මක උපාංග මගින් ඊට අදාළ යම්කිසි වූ විශේෂිත දත්ත වර්ගයක් එකතුකොට ඒවා පෘතුවියේ ඇති පර්යේෂණ මධ්‍යස්ථාන වෙත වැඩිදුර පර්යේෂණ කටයුතු සඳහා එවීමයි. මෙහිදී එම චන්ද්‍රිකා වල ඇති සන්නිවේදන උපකරණ මගින් ඉතා මහඟු කාර්යභාරයක් ඉටුවේ. එම උපාංග අතරින් සන්නිවේදන ඇන්ටනා ඉතා විශේෂිත වේ. අදාළ චන්ද්‍රිකාව සහ පෘතුවියේ පිහිටා ඇති…

පළමු වරට ජයාරූප ගතකල NOVA උණුසුම් පිපුරුම

හිරුගේ මතුපිට පෘෂ්ටය මෙන් 60ගුණයක් තරම් උණුසුම් අග්නි ජාලාවක් සහිත වූ පිපුරුමක් පිළිබඳව පර්යේෂකයින් පිරිසක් විසින් තොරතුරු අනාවරණය කර තිබෙනවා. 2020 ජුලි මස දී ජර්මනිය මගින් නිපදවූ මේ වනවිට පෘතුවියට කිලෝමීටර මිලියන 1.5 ක් දුරින් අභ්‍යවකාශයේ ස්ථාවර ගුරුත්ව තත්වයක් ස්ථාන ගතකර ඇති ඉ-රොසිටා (eROSITA) x-කිරණ අභ්‍යවකාශ දුරේක්ෂය මගින් පර්යේෂණ සිදුකරමින් සිටි කණ්ඩායමක් සුදුවාමන ග්‍රහයෙකුගේ දීප්තිමත්…

පලමු චීන අභ්‍යවකාශ දුරේක්ෂය!

චීනය මගින් පළමු වරට අභ්‍යවකාශ දුරේක්ෂයක් අභ්‍යවකාශ ගතකිරීමට සුදානම් බවයි වාර්තාවන්නේ. එම මෙහෙයුම 2023 වසරේදී ක්‍රියාත්මක කරනු ඇති අතර එය “චීන අභ්‍යවකාශ මධ්‍යස්ථාන දුරේක්ෂය” (Chinese Space Station Telescope (CSST)) ලෙස නම්කෙරෙනු ඇත. එමෙන්ම මෙය සුන්ෂාන් (Xuntian) ලෙසද හැඳින්වෙනු ඇත. මෙය දෘශ්‍ය සහ අල්ට්‍රාවයලට් වර්ණාවලි පරාසයන් නිරීක්ෂණය සඳහා නිර්මාණය කෙරෙනු ඇති අතර මෙහි අවනෙත විෂ්කම්භය අඩි…

විශ්වය පුරා විහිදී ගිය #GoHomeGota2022

ශ්‍රී ලංකාවේ අදූරදර්ශී පාලනයට එරෙහිව සිදු කරනු ලබන ජන අරගලයට සහයෝගය ලබා දීමට තරු පුවත් අප විසින් #GoHomeGota2022 ශ්‍රී ලාංකික පුරවැසි හඬ 2.5 -5 GHz පරාසයේ රේඩියෝ තරංග ඔස්සේ විශ්වය පුරාවට සන්නිවේදනය කිරීමට කටයුතු සිදු කරනු ලැබුවා. අභ්‍යවකාශය තුලදී රේඩියෝ තරංග ආලෝකයේ ප්‍රවේගයෙන් (තත්පරයට කිලෝමීටර ලක්ශ 3ක් පමන ) ගමන් කරන අතර මෙම ලිපිය ලියන…

ප්ලූටෝ ගේ අයිස් යමහල් තවමත් සක්‍රීයද?

නිව් හොරයිසන්ස් යානය මගින් ලබාගත් ප්ලූටෝ වාමන ග්‍රහයාගේ ඡායාරූප ඇසුරින් ඒ මත තවමත් සක්‍රීය ලෙස යමහල් ක්‍රියාත්මක වන පර්යේශකයන් පිරිසක් අනුමාන කරනවා. ඉතාමත් පහල උශ්නත්වයක පවතින ප්ලූටෝ ග්‍රහයාගේ යමහල් වලින් නිකුත් වන්නේ ලාවා වෙනුවට ද්‍රව ජලයයි. මේ අනුව රයිට් සහ පිකාඩ් ලෙස හඳුන්වනු ලැබූ කඳු, අයිස් යමහල් විය හැකි බවට සැක පලවනවා. මෙම කඳු මුදුන…

විශ්වයේ ඉතිහාසය දකින්නට James Webb සුදානම්

මේ වනවිට එම දුරේක්ෂයේ හැකිලිය හැකි සම්පුර්ණ විශාලත්වය මීටර 6.5ක් වන ෂඩාශ්රාකාර පරාවර්තක 18ම නිසිපරිදි ස්ථානගත කර ඇති බවත් එහි මුලික ප්‍රතිඵල පර්යේෂකයන් විසින් අපේක්ෂා කරාටත් වඩා ඉහල මට්ටමකින් පවතින බවත් ඔවුන් වාර්තා කරනවා. මෙම ස්ථානගතකිරීම් ආරම්භකරනු ලැබුවේ පසුගිය ජනවාරි මසයි. ඒ සඳහා ඔවුන් මුලික කරගත්තේ HD84406 තාරකාවයි. එය ඇසින් දැකිය හැකි ආලෝකයටත් වඩා 100ගුණයකින්…

පෘථිවි වායුගෝලයේ දී දැවීගිය දැවැන්තයා

මාර්තු 11 වැනිදා තාරකා විද්‍යාඥ Krisztian Sárneczky විසින් හංගේරියාවේ Budapest හි Konkoly නිරීක්ෂණාගාරයේ කොටසක් වන Piszkésteto සිට අහස නිරීක්ෂණය කරමිනි සිටින අතරතුර 2022 EB5 ලෙස නම් කර තිබුණු අඩි 10 (මීටර් 3) පමණ ප්‍රමාණයකින් යුතු ඇස්ටරොයිඩ් ග්‍රහකය පිළිබඳව අවධානය යොමුකර ඇත. නමුත් එම නිරීක්ෂණයෙන් විනාඩි 30 කට පසු ඉන් ලබාගත් දත්ත වලට අනුව එය පැය…

තවත් සුපර්නෝවා පිපුරුමක්!

යුරෝපීය දක්ෂිණ නිරීක්ෂණාගාරය (ESO) මගින් එහි නව තාක්ෂණික දුරදක්නය හෙවත් New Technology Telescope (NTT) භාවිත කරමින් මෑත කාලීනව සිදුවුණු තාරකා පිපිරීමක් පිලිබඳ පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙය සුපර්නෝවා පිපුරුමක් බව ඔවුන් පවසයි. මෙය සිදුව ඇත්තේ ආලෝක වර්ෂ 500 ක පමණ දුරින් පිහිටි Cartwheel මන්දාකිනියේය. එම මන්දාකිනියේ විශේෂත්වය වන්නේ එය මිට වසර මිලියන කීපයකට පෙර…