අවුරුදු 16කින් විසඳාගත් තාරකා ගැටළුව

2014 වසරේ දී NASA ආයතනයේ ගලේක්ස් (GALEX) හෙවත් ගැලැක්සි ක්‍රියාකාරිත්ව නිරීක්ෂකය (Galaxy Evolution Explorer) ලෙස නම්කරන ලද අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් පර්යේෂකයින් පිරිසක් විසින් ස්වරුපයෙන් බොහෝ වෙනස් හැඩයක් සහිත වූ ආකාශ වස්තුවක් නිරීක්ෂණය කර තිබුණි. එයින් නිකුත් කල දෘශ්‍ය ආලෝකය බොහෝ අවම මට්ටමක පැවතුනි. මධ්‍යයේ තරකාවක්ද එය වටකරගත් නිල් පැහැති වායු වලාවක්ද ඉන් පිටත එක මත…

විද්‍යා ගුරුවරුන්ට අන්තර්ජාතික තාරකා විද්‍යා වැඩමුලුවකට සහභාගී වීමට අවස්තාවක්

අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමය මගින් සිව් වන වතාවට සංවිධානය කරනු ලබන Shaw-IAU තාරකා විද්‍යා අධ්‍යාපන වැඩමුලුව සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. මෙම වසරේ නොවැම්බර් මස 15 -17 යන තෙදින පුරා මෙම වැඩමුලුව පැවැත්වීමට නියමිතයි. මෙවර වැඩමුලුවට පදනම් වන්නේ ප්‍රාඨමික/ද්වීතික අධ්‍යාපනය තුල සහ භොතික/රසායන විද්‍යා විශයන් ඉගැන්වීම තුල තාරකා විද්‍යාවේ භූමිකාව යන්නයි. මීට අමතරව පාසල් තාරකා විද්‍යා…

නාසා විද්‍යාඥයකු සමග ඇස්ටරොයිඩ ගැන කතාබහක්

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය සහ කොලබ විශ්ව විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය එක්ව, ලෝක ඇස්ටරොයිඩ දින සැමරුම වෙනුවෙන් සූම් ඔස්සේ වෙබ් සම්මන්ත්‍රනයක් සංවිධානය කර තිබෙනවා. මේ සඳහා සහභාගී වන්නේ නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයකු වන ආචාර්ය හෙන්රි ත්‍රෝප් මහතායි. කුයිපර් පටියේ ඇස්ටරොයිඩ ගවේශනය පිලිබඳව ඔහුගේ අත්දැකීම්, ශ්‍රී ලංකාවේ සිට සිදු කරන ලද ඇස්ටරොයිඩ විමර්ශන මෙන්ම කුඩා දුරදක්න…

ගැලැක්සි පොකුරු දෙකක ගැටුමක්!

චන්ද්‍රා X-Ray දුරේක්ෂය මගින් ලබාගත් අපුරු සිදුවීමක් පිළිබඳව වාර්තාවක් NASA ආයතනයෙන් මේ වනවිට එළිදක්වා තිබෙනවා. ඒ ඇබෙල් 1175 (Abell) නම් වූ ගැලැක්සි පොකුර පිළිබඳවයි. වම්පසට බරව ඇති නිල්පැහැයෙන් විශාල ගැලක්සියේ උණුසුම් වායු වලාවන්ද දකුණු පසට බරව නිල්-සුදු පැහැයෙන් කුඩා ගැලක්සියේ උණුසුම් වායු වලා වන්ද දැකගත හැකිය. මෙහි මැද සුදු පැහැ තිත් දෙකක් ලෙස දැකිය හැකි…

X-Ray විකිරණ දෙස බලමින් දස වසක් සපුරන NuSTAR

මෙය NASA ආයතනය මගින් නිපදවන ලද කුඩා ප්‍රමාණයේ දුරේක්ෂයකි. විශ්වයේ ඇති කළු කුහර, අධි ක්‍රියාකාරී ගැලැක්සි සහ පුපුරන තාරකා වැනි ඉතා ඉහල ශක්තියකින් යුතු X-Ray විකිරණ නිකුත් කරන වස්තුන් පිළිබඳව පර්යේෂණ කටයුතු සඳහා මෙය 2012 වසරේ ජුනි 13දින අභ්‍යවකාශගත කරනලදී. මෙහි සංවේදන පරාසය කිලෝඉලෙක්ට්‍රෝවෝල්ට් 5 සිට 80 දක්වා සිමාවේ පවතී. මෙහි සලසුමද ඉතා විශේෂිතය. මෙහි…

විශ්වයේ සැකස්ම සෙවීමට රේඩියෝ දුරේක්ෂ 64ක බලය

අන්තර්ජාතික තාරකා විද්‍යා පර්යේෂකයන් පිරිසක් විසින් විශ්වයෙන් නිකුත්වන උදාසීන හයිඩ්‍රජන් වායුන්ගේ දුර්වල සංඥා හඳුනාගැනිමට SKAO (SKA Observatory) ලෙස නව ව්‍යාපෘතියක් ආරම්භකර තිබෙනවා. මේ සඳහා මහද්වීප 4ක් පුරා විහිදුනු රේඩියෝ දුරේක්ෂ 64ක බලය යොදාගැනීමට නියමිතයි. මෙහි නියමු දුරේක්ෂය ලෙස දකුණු අප්‍රිකාවේ පිහිටි තිබෙන මීර්කැට් (MeerKAT) දුරේක්ෂය භාවිත කෙරෙනු ඇත. මෙම පර්යේෂණයේ මූලික අරමුණ වන්නේ විශ්වයේ පරිණාමය,…

විධිමත් ලෙස තාරකා විද්‍යාව හැදෑරීමට ශ්‍රී ලාංකික සිසුන්ට අවස්තාවක්

ශ්‍රී ලංකාව තුල විධිමත් ලෙස තාරකා විද්යාව හැදෑරීමට මේ වනතුරු අවස්ථාව ලැබී තිබුනේ සීමිත විශ්ව විද්‍යාල කිහිපයක සිසුන් සඳහා පමනයි. මේ සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබීම අත්‍යාවශ්‍ය වූ අතර ලබා ගත හැකි අවස්ථා ප්‍රමානයද සීමාසහිත විය. මීට විසඳුමක් ලෙස කැලණිය විශ්ව විද්‍යාලය මගින් තාරකා විද්‍යාව පිලිබඳ ඩිප්ලෝමාවක් හඳුන්වා දී තිබෙනවා. මෙය හැදෑරීම සඳහා අවශ්‍ය සුදුසුකම…

විද්‍යාඥයකු ලෙස රොසෙටා මෙහෙයුමට දායක වන්නට ඔබ කැමතිද?

යුරෝපා අභ්‍යවකාශ ආයතනයට (ESA) අයත් රොසෙටා අභ්‍යවකාශ යානයෙහි මුලික අරමුණ වූයේ ධූමකේතු අධ්‍යනය කිරීමයි. එමගින් 2014-2016 කාලය තුල 67P/Churyumov-Gerasimenko ධූමකේතුවේ ඡායාරූප රාශියක් ලබා ගැනුනා. මෙම කාලය තුල ධූමකේතු පෘශ්ඨය මත විවිධ වෙනස්කම් රාශියක් නිරීක්ශනය කිරීමට ඔවුන්ට හැකියාව ලැබුනා. නමුත් රොසෙටා යානයෙන් ලැබුන අති විශාල ඡායාරූප ප්‍රමානයක් අධ්‍යනය කිරීමට තරම් ප්‍රමානවත් මානව සම්පතක් ඔවුන් සතුව නෑ.…

ජේම්ස් වෙබ් මතට කඩා වැදුණු අභ්‍යවකාශ කුණු

මේ සිදුවීම වාර්තා වන්නේ ජුනි මස 8 වන දිනය. මෙහිදී ඉතා කුඩා ප්‍රමාණයේ ග්‍රාහක හෝ අභ්‍යවකාශ කුණු කැබලි (tiny pieces of space debris) කිහිපයක් දුරේක්ෂයේ රන් ආලේපිත පරාවර්තක හා ගැටී ඇතිබවට පර්යේෂකයින් විසින් නිගමනය කර ඇත. නමුත් මෙයින් දුරේක්ෂයේ පර්යේෂණ කටයුතු සදහා කිසිදු බාධාවක් තවමත් ඇතිවී නොමැතිබවත් ඔවුන් වාර්තාකර තිබෙනවා. දුරේක්ෂය අභ්‍යවකාශයට නිරාවරණය කල පසු…

ඔබේ පාසලටත් දුරදක්නයක් අවශ්‍යද?

අන්තර්ජාතික අභ්‍යවකාශ සංගමය (International Astronomical Union), බෙල්ජියම සහ ලීඩන් විශ්ව විද්‍යාලය එක්ව ලොව පුරා සිටින තාරකා විද්‍යා සංගම්, පාසල්, සහ විශ්ව විද්‍යාල සඳහා නොමිලේ දුරදක්න ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා අවශ්‍ය වන්නේ ඔබේ නම, විද්‍යුත් ලිපිනය, රට, වචන 2000 අඩු ව්‍යාපෘති යෝජනාවක් සහ ඔබගේ පාසලේ හෝ ආයතනයෙන් සනාත කිරීමේ ලිපියක් පමනයි. මෙම…