තාරකා විද්‍යාවට අභියෝගාත්මක පිපුරුමක්!
නාසා හි NGS නිරීක්ෂණාගාරය (Neil Gehrels Swift Observatory) භාවිතයෙන් පර්යේෂණ පැවැත්වූ පර්යේෂකයන් පිරිසක් විසින් 2021 වසරේ දෙසැම්බර් මස 11 වන දින බුටස් රාශිය (constellation Boötes) ආශ්‍රිතව සිදුවූ ඉතා බලවත් පිපුරුමක් පිළිබඳව වාර්තාවක් ඉදිරිපත්කර තිබෙනවා. මෙය සිදුව ඇත්තේ ආලෝක වර්ෂ බිලියනයකට පමණ දුරකින්. එහිදී පෙර වාර්තා නොවූ තරම් ඉතා බලවත් ආලෝක ධාරාවන් නිකුත්ව ඇතිබවට නිරීක්ෂණය කර…