විශ්වය තුල අපට හිමි තැන – මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් සමග

මහනුවර ජාතික මූලික අධ්‍යන ආයනතනයට වසර හතලිහක් පිරීමේ සංවත්සරයට සමගාමීව මාර්ගගත දේශන මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 17 වන දින ප.ව. 2.30 දේශනය සිදු කරනු ලබන්නේ බකිංහැම් විශ්ව විද්යාලයේ සම්මානනීය මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් විසිනුයි. පෘථිවියේ ජීවයේ සම්භවය පිලිබඳව වන පැන්ස්පර්මියා වාදය හෙවත් පිටසක්වලින් ජීව අණු පැමින ජීවය හටගැනීම පිලිබඳව වන සංකල්පයේ පුරෝගාමි විද්‍යාඥයකු…

පොළොවට ජීවය ආවේ පිටසක්වලින්ද?

ජීවයේ සම්භවය සිදුවූයේ කෙලෙසකද යන ප්‍රශ්නය වසර දහස් ගනනක සිට පැවත එන තවමත් නොවිසදුන ගැටලුවක්. ජීවයේ සම්භවය පිලිබද විවිධ විද්‍යාත්මක මෙනම ආගමික මත රැසක් මේ වන විට ඉදිරිපත් වී තිබෙනවා. මේ අතරින් පෘථිවියට ජීවය අභ්‍යවකාශයෙන් පැමිනියා යන මතය හෙවත් “පැන්ස්පර්මියා” වාදයට හිමි වන්නේ ඉතා සුවිශේෂී ස්ථානයක්. ඉතිහාසය පැන්ස්පර්මියා යනු ග්‍රීක වචනයක්. එහි අරුත පැතිරුන බීජ…