තරු පුවත් 4EB බ්‍රිස්බෙන් ගුවන් විදුලියෙන්

අද දින 4EB බ්‍රිස්බෙන් ගුවන් විදුලි නාලිකාවෙන් විකාශය වූ ඉරිදා අරුනැල්ල වැඩසටහනට තරු පුවත් අඩවියේ සංස්කාරක ආචාර්ය ජනිත් වීරසිංහ සහභාගී වූවා. එහිදී “ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකීය පර්යේෂකයෙකුගේ නවතම පර්යේෂණයක තතු විත්ති” විශේෂාංගය වෙනුවෙන් ඔහු තම අභ්‍යවකාශ පර්යේශන කටයුතු වල නවතම තොරතුරු පිලිබඳව කරුනු කිහිපයක් ඉදිරිපත් කරනු ලැබුවා.

විශ්වය පුරා විහිදී ගිය #GoHomeGota2022

ශ්‍රී ලංකාවේ අදූරදර්ශී පාලනයට එරෙහිව සිදු කරනු ලබන ජන අරගලයට සහයෝගය ලබා දීමට තරු පුවත් අප විසින් #GoHomeGota2022 ශ්‍රී ලාංකික පුරවැසි හඬ 2.5 -5 GHz පරාසයේ රේඩියෝ තරංග ඔස්සේ විශ්වය පුරාවට සන්නිවේදනය කිරීමට කටයුතු සිදු කරනු ලැබුවා. අභ්‍යවකාශය තුලදී රේඩියෝ තරංග ආලෝකයේ ප්‍රවේගයෙන් (තත්පරයට කිලෝමීටර ලක්ශ 3ක් පමන ) ගමන් කරන අතර මෙම ලිපිය ලියන…

ගුවන්විදුලි ෆීනික්ස් පක්ෂියා ගේ පිබිදීම

ඔබ ෆීනික්ස් පක්ෂියා ගේ කතාන්දරය අසා තිබේද? ෆීනික්ස් යනු සුරංගනා කතා වල කියවෙන වසර සිය ගණනක් තිස්සේ ජීවත් වන ස්වර්ණමය පක්ෂියෙකි. ඌ වයස්ගත වන විට ගිනිබත් වී සිය අළු වලින් යලි නැගී සිටී. ෆීනික්ස් පක්ෂියා ගේ වැනි සුරංගනා කතා සත්‍ය වීම නිතර සිදුවන්නක් නොවේ. නමුත් විශ්වයේ විශ්මිත දේ ගවේෂණය කරන තාරකා විද්‍යාඥයන් හට ෆීනික්ස් පක්ෂියා…