ජපාන H3 රොකට්ටුවේ දියත්කිරීම අසාර්ථක වේ

ජපාන අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් JAXA ආයතනයෙන් පසුගිය මාර්තු 6 වෙනි දින අභ්‍යවකාශගත කරන ලද H3 රොකට්ටුව ගුවන්ගතවී මිනිත්තු 5 හා තත්පර 27 පසු අසාර්ථකවී තිබෙනවා. මීට හේතුව වී ඇත්තේ රොකට්ටුවේ දෙවන අදියර නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීමයි.

“බ්‍රයන් මේ” නයිට් පදවියකින් පිදුම් ලබයි

නාසා ආයතනයේ භොතික විද්‍යාඥ ආචාර්ය බ්‍රයන් මේ නයිට් තනතුරකින් පිදුම් ලබා තිබෙනවා. ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සුප්‍රකට ක්වීන් සංගීත කණ්ඩායමේ ගිටාර් වාදන ශිල්පියා ලෙසයි. පර්යේශන විද්‍යාඥයෙක් ලෙස නාසා ආයතනයේ මෙහෙයුම් රැසකට ඔහු දායකත්වය ලබා දී තිබෙනවා.

යුරෝපාගේ (Europa) නවතම ජයාරූප

අයිස් වලින් වැසුණු ග්‍රහලොවක් ලෙස සැලකෙන බ්‍රහස්පතිගේ යුරෝපා (Europa) චන්ද්‍රයා ගේ මෙතෙක් ලබාගෙන ඇති සමීපතම ජයාරූප පෙළක් නාසා ආයතනය විසින් එළිදක්වා තිබෙනවා. එම ජයාරූප ලබාගෙන ඇත්තේ ජූනෝ (Juno) චන්ද්‍රිකාව භාවිතයෙනි. ඒ එහි ගමන්මගෙහිදී එම චන්ද්‍රයාට වඩාත්ම ආසන්නයෙන් ගමන්කල මොහොත වන මෙම සැප්තැම්බර් මස 29 වන දිනය. එමන්ම මෙම ජයාරූප 2000 වසරේදී ගැලීලියෝ චන්ද්‍රිකාවෙන් ලබාගත් ජයාරූප…

රුසියානු සඳ ගමන 2023 වසරට කල් දමයි.

2022 සැප්තැම්බර් මසදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණු ලුනා-25 (Luna-25) රුසියානු සඳ මෙහෙයුම 2023 වසරේදී ක්‍රියාත්මක කරන බව රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය විසින් වාර්තා කර තිබෙනවා. මිට LUNA-26 ඔබිටරයට සහ LUNA-27 රෝවරය භාවිත කෙරෙනු ඇත.මෙහෙයුම කල්දැමීමට හේතුව ලෙස ඔවුන් වාර්තා කර ඇත්තේ රෝවරය ගොඩබස්වන යාන්ත්‍රණයේ ඇති වේග සහ දුර මැනගන්නා සංවේදකවල අඩු ක්‍රියාකාරිත්වයක් වාර්තා වීමයි. Luna-25 මෙහෙයුමේදී…