අභ්‍යවකාශයේ මුද්‍රණය වන සන්නිවේදන ඇන්ටනා

අභ්‍යවකාශ ගතකරන චන්ද්‍රිකා වලින් සිදුවන්නේ ඒවායේ ඇති විද්‍යාත්මක උපාංග මගින් ඊට අදාළ යම්කිසි වූ විශේෂිත දත්ත වර්ගයක් එකතුකොට ඒවා පෘතුවියේ ඇති පර්යේෂණ මධ්‍යස්ථාන වෙත වැඩිදුර පර්යේෂණ කටයුතු සඳහා එවීමයි. මෙහිදී එම චන්ද්‍රිකා වල ඇති සන්නිවේදන උපකරණ මගින් ඉතා මහඟු කාර්යභාරයක් ඉටුවේ. එම උපාංග අතරින් සන්නිවේදන ඇන්ටනා ඉතා විශේෂිත වේ. අදාළ චන්ද්‍රිකාව සහ පෘතුවියේ පිහිටා ඇති…

පළමු වරට ජයාරූප ගතකල NOVA උණුසුම් පිපුරුම

හිරුගේ මතුපිට පෘෂ්ටය මෙන් 60ගුණයක් තරම් උණුසුම් අග්නි ජාලාවක් සහිත වූ පිපුරුමක් පිළිබඳව පර්යේෂකයින් පිරිසක් විසින් තොරතුරු අනාවරණය කර තිබෙනවා. 2020 ජුලි මස දී ජර්මනිය මගින් නිපදවූ මේ වනවිට පෘතුවියට කිලෝමීටර මිලියන 1.5 ක් දුරින් අභ්‍යවකාශයේ ස්ථාවර ගුරුත්ව තත්වයක් ස්ථාන ගතකර ඇති ඉ-රොසිටා (eROSITA) x-කිරණ අභ්‍යවකාශ දුරේක්ෂය මගින් පර්යේෂණ සිදුකරමින් සිටි කණ්ඩායමක් සුදුවාමන ග්‍රහයෙකුගේ දීප්තිමත්…

පලමු චීන අභ්‍යවකාශ දුරේක්ෂය!

චීනය මගින් පළමු වරට අභ්‍යවකාශ දුරේක්ෂයක් අභ්‍යවකාශ ගතකිරීමට සුදානම් බවයි වාර්තාවන්නේ. එම මෙහෙයුම 2023 වසරේදී ක්‍රියාත්මක කරනු ඇති අතර එය “චීන අභ්‍යවකාශ මධ්‍යස්ථාන දුරේක්ෂය” (Chinese Space Station Telescope (CSST)) ලෙස නම්කෙරෙනු ඇත. එමෙන්ම මෙය සුන්ෂාන් (Xuntian) ලෙසද හැඳින්වෙනු ඇත. මෙය දෘශ්‍ය සහ අල්ට්‍රාවයලට් වර්ණාවලි පරාසයන් නිරීක්ෂණය සඳහා නිර්මාණය කෙරෙනු ඇති අතර මෙහි අවනෙත විෂ්කම්භය අඩි…

විශ්වයේ ඉතිහාසය දකින්නට James Webb සුදානම්

මේ වනවිට එම දුරේක්ෂයේ හැකිලිය හැකි සම්පුර්ණ විශාලත්වය මීටර 6.5ක් වන ෂඩාශ්රාකාර පරාවර්තක 18ම නිසිපරිදි ස්ථානගත කර ඇති බවත් එහි මුලික ප්‍රතිඵල පර්යේෂකයන් විසින් අපේක්ෂා කරාටත් වඩා ඉහල මට්ටමකින් පවතින බවත් ඔවුන් වාර්තා කරනවා. මෙම ස්ථානගතකිරීම් ආරම්භකරනු ලැබුවේ පසුගිය ජනවාරි මසයි. ඒ සඳහා ඔවුන් මුලික කරගත්තේ HD84406 තාරකාවයි. එය ඇසින් දැකිය හැකි ආලෝකයටත් වඩා 100ගුණයකින්…

පෘථිවි වායුගෝලයේ දී දැවීගිය දැවැන්තයා

මාර්තු 11 වැනිදා තාරකා විද්‍යාඥ Krisztian Sárneczky විසින් හංගේරියාවේ Budapest හි Konkoly නිරීක්ෂණාගාරයේ කොටසක් වන Piszkésteto සිට අහස නිරීක්ෂණය කරමිනි සිටින අතරතුර 2022 EB5 ලෙස නම් කර තිබුණු අඩි 10 (මීටර් 3) පමණ ප්‍රමාණයකින් යුතු ඇස්ටරොයිඩ් ග්‍රහකය පිළිබඳව අවධානය යොමුකර ඇත. නමුත් එම නිරීක්ෂණයෙන් විනාඩි 30 කට පසු ඉන් ලබාගත් දත්ත වලට අනුව එය පැය…

තවත් සුපර්නෝවා පිපුරුමක්!

යුරෝපීය දක්ෂිණ නිරීක්ෂණාගාරය (ESO) මගින් එහි නව තාක්ෂණික දුරදක්නය හෙවත් New Technology Telescope (NTT) භාවිත කරමින් මෑත කාලීනව සිදුවුණු තාරකා පිපිරීමක් පිලිබඳ පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙය සුපර්නෝවා පිපුරුමක් බව ඔවුන් පවසයි. මෙය සිදුව ඇත්තේ ආලෝක වර්ෂ 500 ක පමණ දුරින් පිහිටි Cartwheel මන්දාකිනියේය. එම මන්දාකිනියේ විශේෂත්වය වන්නේ එය මිට වසර මිලියන කීපයකට පෙර…

Yutu දුටු අඳුරු සඳ මුහුණත

චන්ද්‍රයාගේ අඳුරු මුහුණත පිළිබඳව පර්යේෂණ කටයුතු සඳහා 2019 ජනවාරි මස සඳට ගොඩබසින ලද Yutu 2 රෝවරය මේ වනවිට ඉන් ලබාගත් ජයාරූප චීන ජාතික අභ්‍යවකාශ පරිපාලන ඒජන්සියට ඒවා තිබෙනවා. එම ජයාරූප පෙළක් Ourspace චැනලය හරහා මාධ්‍යට නිකුත් කර ඇත. ඉන් එකක ඇත්තේ Yutu 2 රෝවර තම ධාවන පථයේ සලකුණු දෙස හැරී බලන ජායාරූපයකි. එහි පසෙක චෑන්ග්…

අඟහරුගේ ලුණු!

අඟහරුහි කක්ෂගතකර තිබෙන රෙකනිසන්ස් (Reconnaissance  චන්ද්‍රිකාව මගින් ලබාගත් ජායාරූප කීපයක් පර්යේෂකයින් විසින් එළිදක්වා තිබෙනවා. ඉන් එකක් වන්නේ බොස්පොරෝස් (Bosporos Planum) නිම්නයේ ජායාරූපයයි.ඔවුන් පවසන්නේ එහි අදුරු කලාපයෙන් දැක්වෙන්නේ ජලය සිදීගිය ප්‍රදේශයක් බවත් අදුරු කලාපයේ දෘශ්‍ය මායිමේ සුදු පැහැති වර්ණයෙන් දැක්වෙන්නේ වියලි ලුණු තැන්පතු බවයි. පර්යේෂකයින් පවසන්නේ අඟහරු මත ජලය වසර බිලියන 2 කට පෙර ඇතිවන්නට ඇතිබවයි.…

මීටර 1052 ක් විශාල ඇස්ටරෝයිඩයක් ලංවේ!

7482 ලෙස නම්කර ඇති මෙය, විශාලත්වයෙන් දැනට ලොව උසම ගොඩනැගිල්ල වන “බර්ජ් අල් කලීෆා” (830m) ටත් වඩා විශාලය. දැනට මෙහි ගමන්මග පෘථුවියට තර්ජනයක් එල්ලනොකරන බවට ගණනය කර ඇති අතර ජනවාරි 18, අගහරුවාදා වන හෙට දියයේදී එය පෘතුවියට කිලෝමීටර මිලියන 2ක් ලංව පෘථුවිය පසුකර යනු ඇති බවට පර්යේෂකයින් පවසයි. මීටර 150 කට වඩා විශාල සහ පෘතුවියට…

අපුරු ද්විත්ව පිපුරුම!

හබල් දුරදක්නය මගින් සොයාගන්නා ලද NGC 6891 ලෙස නම්කරන ලද මෙය, සුපර්නෝවා පිපුරුමක් නිසා ඇතිවුවක් ලෙසයි පර්යේෂකයින් පවසන්නේ. මෙහි මධ්‍යයේ ඇත්තේ සිසිල් වෙමින් පවතින සුදු වාමන තාරකාවයි. ඉන් අවට නිල් පැහැයෙන් දැකිය හැක්කේ සිදුවුණු පිපිරීමේදී නිකත් වුනු ගෑස් වායුන්ය. පර්යේෂකයින් පවසන ආකාරයට එහි කාලයන් දෙකකදී පිපුරුම් දෙකක් සිදුව තිබේ. ඔවුන් එලෙස පවසන්නේ පිපුරුම් වලදී නිකුත්වුනු…