මුල්ම වතාවට අඟහරු ග්‍රහයා ගේ භූගත සිතියමක් නිර්මාණය කෙරේ

අඟහරු ග්‍රහයා මතුපිට සුලං නිසා හටගන්නා කම්පන ආධාර කර ගනිමින් එහි මතුපිට පෘශ්ඨයේ සිට මීටර 200 දක්වා ගැඹුරක් දක්වා විහිදෙන භූගත සිතියමක් නිර්මානය කිරීමට පර්යේශකයන් සමත් වී තිබෙනවා. මේ සඳහා ඔවුන් ඉන්සයිට් යානයේ සංවේදක යොදා ගනු ලැබුවා. මේ තුලින් අඟහරු ග්‍රහයාගේ ඉතිහාසය පිලිබඳ වැදගත් කරුනු ගනනාවක් අනාවරනය කර ගැනීමට පර්යේශකයින් සම්ත් වී තිබෙනවා. ඒ අනුව…

විශ්වය තුල අපට හිමි තැන – මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් සමග

මහනුවර ජාතික මූලික අධ්‍යන ආයනතනයට වසර හතලිහක් පිරීමේ සංවත්සරයට සමගාමීව මාර්ගගත දේශන මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 17 වන දින ප.ව. 2.30 දේශනය සිදු කරනු ලබන්නේ බකිංහැම් විශ්ව විද්යාලයේ සම්මානනීය මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් විසිනුයි. පෘථිවියේ ජීවයේ සම්භවය පිලිබඳව වන පැන්ස්පර්මියා වාදය හෙවත් පිටසක්වලින් ජීව අණු පැමින ජීවය හටගැනීම පිලිබඳව වන සංකල්පයේ පුරෝගාමි විද්‍යාඥයකු…

හැලෝවීන් රැයේ දුටු මනරම් උත්තරාලෝක

සූර්ය කුණාටු පිලිබඳව මෙන්ම එහි බලපෑම් පිලිබඳව විස්තරාත්මක ලිපියක් පසුගිය දිනක තරුපුවත් තුලින් ගෙන ආ බව ඔබට මතක ඇති. එම ලිපියට මෙම සබැඳියෙන් පිවිසෙන්න. පසුගිය ඔක්තෝබර් 28 වන දින සූර්යා මතුපිට බලසම්පන්න X1 වර්ගයේ ගිනි සිලුවක් හටගත් අතර ඒ නිසා මුදාහැරුන ආරෝපිත අංශු හේතුවෙන් හැලෝවීන් රාත්‍රිය හෙවත් ඔක්තෝබර් 31 දිනයේ G3 කාණ්ඩයේ භූ චුම්භක කුණාටුවක්…

රොකට්ටුවට හසුවූ ගෙම්බා

නාසා ආයතනය මගින් LADEE අභ්‍යවකාශ යානය රැගත් Minotaur V රොකට්ටුව දියත් වන මොහොතේම යානය දෙසට පනින ගෙම්බකු ස්වයංක්‍රීයව සටහන් වී තිබුනේ මෙසේයි. මෙම සිදුවීම සිදුවූයේ නාසා ආයතනයේ වැලෝප්ස් අභ්‍යවකාශ ගුවන් තොටුපලේදීයි. මීට යාබදව අක්කර 373ක වන රක්ශිතයක් පවතින අතර එය විවිධ පක්ශීන් සහ ජීවී විශේශ රැසකම නිවහන බවට පත්ව තිබෙනවා. මෙම ඡායාරූපයේ සිටින්නේ සත්‍ය ගෙම්බකුම…

අඟහරු හෙලිකොප්ටරයේ දෝශයක්

අඟහරු මත ක්‍රියාත්මක වන ඉන්ජෙනුයිටි හෙලිකොප්ටරයේ භ්‍රමන වේගය පිලිබඳ සිදුකිරීමට ගිය පරීක්ශනයක් අතරමැද නවතා දමා තිබෙනවා. එය සාමාන්‍යෙන් ක්‍රියාත්මක වන තත්පරයට වට 2537ක වේගයට වඩා ඉහල 2700 වේගයකින් එය ක්‍රියාත්මක කිරීමට නියමිතව පැවතුනා. අඟහරු මත සිදුවන සෘතු විපර්යාසයන් හා සමගාමීව එහි වායුගෝලය තරමක් තුනී වී පැවතීම හේතුවෙන් හෙලිකොප්ටරය ගුවන් ගත වීම සඳහා ඉහල භ්‍රමන සීඝ්‍රතාවයකින්…

කලු කුහර ගැන සිංහලෙන් ඉගෙන ගනිමු

මහනුවර කිංස්වුඩ් විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය මගින් සංවිධානය කරනු ලබන Apocalypse දේශන මාලාවේ දෙවන කොටස සැප්තැම්බර් මස 26 වන දින මද්‍යාහන දොලහේ සිට පස්වරු දෙක දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබෙනවා. කලු කුහර පිලිබඳව වන මෙම දේශනය මෙවර සිදු කරනු ලබන්නේ කිංස්වුඩ් තාරකා විද්‍යා සංගමයේ සංවිධායක ධූරයේ කටයුතු කල ගයනේන්ද්‍ර බණ්ඩාර මහතා විසිනුයි. දේශනයට මෙම…

ස්පේස් X මෙහෙයුම පියවි ඇසින් සජීවීව බලමු!

සැප්තැම්බර් 15 වන දින අභ්‍යවකාශගාමින් හතර දෙනෙක් සහිතව දියත් කරන ලද ස්පේස් X ආයතනයේ Inspiration-4 මෙහෙයුම ගැන ඔබ දැනටමත් බොහෝ තොරතුරු දැනගෙන ඇති. නමුත් දින තුනක් පුරාවට ගමන් කරනු ලබන මෙම අභ්‍යවකාශ යානය දුරදක්නයක් හෝ දෙනෙතියක් රහිතව පියවි ඇසින් නිරීක්ශනය කරන්නට පුලුවන් බව ඔබ දැන සිටියාද? space.com වෙබ් අඩවියට අනුව ඩ්‍රැගන් අභ්‍යවකාශ යානයේ දෘශ්‍ය විශාලනය…

9/11 ප්‍රහාරයේ සංවත්සරය වෙනුවෙන් අභ්‍යවකාශගාමීන් ශෝකය පලකරයි

වසර විස්සකට පෙර, එනම් 2001 සැප්තැම්බර් 11 එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වෙනුවෙන් ශෝකය පල කිරීමට අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන්ද එක් වුනා. මේ සඳහා මේ වන විට එහි සිටින ඇමරිකානු, රුසියානු, ජපාන සහ ප්‍රංශ ගගනගාමීන් සහභාගි වුනා. 9/11 ප්‍රහාරය සිහිපත් කිරීමට නාසා ආයතනය මීට පෙර 2001 වසරේ එන්ඩේවර් අභ්‍යවකාශ ශටලය සමග ඇමරිකානු කොඩි 6000…

නව තාරකා උපදින නිහාරිකාවක් හබල් නිරීක්ශනය කරයි

ක්ෂීරපථයට ආලෝක වර්ශ 210,000 දුරින් පිහිටා තිබෙන කුඩා මැගලන් වලාවේ නව තාරකා උපදින තරු පොකුරක් නිරීක්ශනය කිරීමට හබල් දුරදක්නය සමත් වී තිබෙනවා. NGC 346 ලෙස නම් කර ඇති මෙම තරු පොකුර තරුණ නිල් පැහැති තාරකා, වායු සහ ධූලි වලාකුලු වලින් පිරී පවතින ප්‍රදේශයක් වනවා. ගතික ස්වභාවයක් පෙන්නුම් කරන මෙම තරු පොකුරේ නිරන්තරයෙන්ම නව තාරකා උපදින…

ඇස්ට්‍රා 3 රොකට්ටුවේ කාර්මික දෝෂය නිසා ඇමරිකානු හමුදා අභ්‍යවකාශ පර්යේශනය අසාර්ථක වේ

ඇමරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුවේ පර්යේශනයක් උදෙසා ගුවන්ගත කරන ලද ඇස්ට්‍රා 3 රොකට්ටුවේ මෙහෙයුම, ගුවන්ගතවී මිනිත්තු දෙකහමාරක් තුල අවලංගු කරනු ලැබුවා. මෙය ගුවන්ගත කරනු ලැබුවේ ඇලස්කාවේ ….