GHOU 2022 අන්තර්ජාතික අභ්‍යවකාශ සම්මන්ත්‍රනයට අයදුම්පත් කැඳවේ

Global Hands-On Universe 2022 (GHOU) තාරකා විද්‍යා අධ්‍යාපන සම්මන්ත්‍රනය සහ වැඩමුලුව මෙම වසරේ සිය විසි පස් වන සංවත්සරය සමරනවා. මෙම වැඩමුලුව සඳහා ලොව වටා විසිරී සිටින තාරකා නිරීක්ශකයන්, විද්‍යාඥයන්, ගුරුවරුන් සහ අධ්‍යාපනඥයන් සහභාගී වනවා. මෙවර සම්මන්ත්‍රනයට සහභාගී වීම තුලින් දුරස්ථ දුරදක්න භාවිතය, විද්‍යා පර්යේශන, ගුරුවරුන් සහ ශිෂ්‍යන් සඳහා වන මූලික විද්‍යාත්මක කුසලතා වර්ධනය වැනි අත්දැකීම්…

ORIZONTAS 2.0 තාරකා විද්‍යා තරඟාවලිය සඳහා අයදුම්පත් කැඳවේ

මහනුවර කිංස්වුඩ් විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය මගින් සංවිධානය කරනු ලබන ORIZONTAS 2.0 තාරකා විද්‍යාත්මක තරඟමාලාවන් සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. මේ යටතේ තාරකා විද්‍යා ඡායාරූපකරනය, වාර්තාමය වීඩියෝ නිර්මාණකරනය, විද්‍යා ප්‍රබන්ධ රචනය, චිත්‍ර සහ ග්‍රැෆික් නිර්මානය යටතේ තරඟාවලි සංවිධානය කර තිබෙනවා. මෙම තරඟාවලිය සඳහා ලියාපදිංචි වීමට මෙම සබැඳියද, වැඩිදුර තරඟ විස්තර සහ කොන්දේසි සඳහා මෙම සබැඳියද, භාවිතා…

විද්‍යා ගුරුවරුන්ට අන්තර්ජාතික තාරකා විද්‍යා වැඩමුලුවකට සහභාගී වීමට අවස්තාවක්

අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමය මගින් සිව් වන වතාවට සංවිධානය කරනු ලබන Shaw-IAU තාරකා විද්‍යා අධ්‍යාපන වැඩමුලුව සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. මෙම වසරේ නොවැම්බර් මස 15 -17 යන තෙදින පුරා මෙම වැඩමුලුව පැවැත්වීමට නියමිතයි. මෙවර වැඩමුලුවට පදනම් වන්නේ ප්‍රාඨමික/ද්වීතික අධ්‍යාපනය තුල සහ භොතික/රසායන විද්‍යා විශයන් ඉගැන්වීම තුල තාරකා විද්‍යාවේ භූමිකාව යන්නයි. මීට අමතරව පාසල් තාරකා විද්‍යා…

නාසා විද්‍යාඥයකු සමග ඇස්ටරොයිඩ ගැන කතාබහක්

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය සහ කොලබ විශ්ව විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය එක්ව, ලෝක ඇස්ටරොයිඩ දින සැමරුම වෙනුවෙන් සූම් ඔස්සේ වෙබ් සම්මන්ත්‍රනයක් සංවිධානය කර තිබෙනවා. මේ සඳහා සහභාගී වන්නේ නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයකු වන ආචාර්ය හෙන්රි ත්‍රෝප් මහතායි. කුයිපර් පටියේ ඇස්ටරොයිඩ ගවේශනය පිලිබඳව ඔහුගේ අත්දැකීම්, ශ්‍රී ලංකාවේ සිට සිදු කරන ලද ඇස්ටරොයිඩ විමර්ශන මෙන්ම කුඩා දුරදක්න…

විධිමත් ලෙස තාරකා විද්‍යාව හැදෑරීමට ශ්‍රී ලාංකික සිසුන්ට අවස්තාවක්

ශ්‍රී ලංකාව තුල විධිමත් ලෙස තාරකා විද්යාව හැදෑරීමට මේ වනතුරු අවස්ථාව ලැබී තිබුනේ සීමිත විශ්ව විද්‍යාල කිහිපයක සිසුන් සඳහා පමනයි. මේ සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබීම අත්‍යාවශ්‍ය වූ අතර ලබා ගත හැකි අවස්ථා ප්‍රමානයද සීමාසහිත විය. මීට විසඳුමක් ලෙස කැලණිය විශ්ව විද්‍යාලය මගින් තාරකා විද්‍යාව පිලිබඳ ඩිප්ලෝමාවක් හඳුන්වා දී තිබෙනවා. මෙය හැදෑරීම සඳහා අවශ්‍ය සුදුසුකම…

විද්‍යාඥයකු ලෙස රොසෙටා මෙහෙයුමට දායක වන්නට ඔබ කැමතිද?

යුරෝපා අභ්‍යවකාශ ආයතනයට (ESA) අයත් රොසෙටා අභ්‍යවකාශ යානයෙහි මුලික අරමුණ වූයේ ධූමකේතු අධ්‍යනය කිරීමයි. එමගින් 2014-2016 කාලය තුල 67P/Churyumov-Gerasimenko ධූමකේතුවේ ඡායාරූප රාශියක් ලබා ගැනුනා. මෙම කාලය තුල ධූමකේතු පෘශ්ඨය මත විවිධ වෙනස්කම් රාශියක් නිරීක්ශනය කිරීමට ඔවුන්ට හැකියාව ලැබුනා. නමුත් රොසෙටා යානයෙන් ලැබුන අති විශාල ඡායාරූප ප්‍රමානයක් අධ්‍යනය කිරීමට තරම් ප්‍රමානවත් මානව සම්පතක් ඔවුන් සතුව නෑ.…

ඔබේ පාසලටත් දුරදක්නයක් අවශ්‍යද?

අන්තර්ජාතික අභ්‍යවකාශ සංගමය (International Astronomical Union), බෙල්ජියම සහ ලීඩන් විශ්ව විද්‍යාලය එක්ව ලොව පුරා සිටින තාරකා විද්‍යා සංගම්, පාසල්, සහ විශ්ව විද්‍යාල සඳහා නොමිලේ දුරදක්න ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා අවශ්‍ය වන්නේ ඔබේ නම, විද්‍යුත් ලිපිනය, රට, වචන 2000 අඩු ව්‍යාපෘති යෝජනාවක් සහ ඔබගේ පාසලේ හෝ ආයතනයෙන් සනාත කිරීමේ ලිපියක් පමනයි. මෙම…

විශ්වය පුරා විහිදී ගිය #GoHomeGota2022

ශ්‍රී ලංකාවේ අදූරදර්ශී පාලනයට එරෙහිව සිදු කරනු ලබන ජන අරගලයට සහයෝගය ලබා දීමට තරු පුවත් අප විසින් #GoHomeGota2022 ශ්‍රී ලාංකික පුරවැසි හඬ 2.5 -5 GHz පරාසයේ රේඩියෝ තරංග ඔස්සේ විශ්වය පුරාවට සන්නිවේදනය කිරීමට කටයුතු සිදු කරනු ලැබුවා. අභ්‍යවකාශය තුලදී රේඩියෝ තරංග ආලෝකයේ ප්‍රවේගයෙන් (තත්පරයට කිලෝමීටර ලක්ශ 3ක් පමන ) ගමන් කරන අතර මෙම ලිපිය ලියන…

ප්ලූටෝ ගේ අයිස් යමහල් තවමත් සක්‍රීයද?

නිව් හොරයිසන්ස් යානය මගින් ලබාගත් ප්ලූටෝ වාමන ග්‍රහයාගේ ඡායාරූප ඇසුරින් ඒ මත තවමත් සක්‍රීය ලෙස යමහල් ක්‍රියාත්මක වන පර්යේශකයන් පිරිසක් අනුමාන කරනවා. ඉතාමත් පහල උශ්නත්වයක පවතින ප්ලූටෝ ග්‍රහයාගේ යමහල් වලින් නිකුත් වන්නේ ලාවා වෙනුවට ද්‍රව ජලයයි. මේ අනුව රයිට් සහ පිකාඩ් ලෙස හඳුන්වනු ලැබූ කඳු, අයිස් යමහල් විය හැකි බවට සැක පලවනවා. මෙම කඳු මුදුන…

විනාශ වී ගිය “සිහිනය”

යුක්‍රේනයේ සිදු කරගෙන යන රුසියානු යුධ මෙහෙයුම් හේතුවෙන් සෝවියට් අභ්‍යවකාශ ශටල ප්‍රවාහනය සඳහා විශේෂයෙන් නිපදවන ලද ලොව විශාලතම ගුවන් යානය ලෙස අභිශේක කරන ලද ඇන්ටනොව් AN-225 ගුවන් යානය විනාශ වී ගොස් තිබෙනවා. මෙය හඳුවන්වන ලද අන්වර්ථ නාමය වන “මිර්යා” යන රුසියන් වදනෙහි අරුත වන්නේ “සිහිනය” යන්නයි. මෙම යානය අලුත්වැඩියා කටයුතු සඳහා ගොස්ටෝමෙල් ගුවන්තොටුපලේ නවතා පැවති…