පසුගිය මාර්තු 6 වනදා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය හෙවත් ISS එහි සුපුරුදු කක්ෂ ගමන්මගෙන ඉවතට ගැනීමට සිදුවුණු බව NASA ආයතන නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටිනවා. ඒ එම මොහොතේ රැඳී තිබුණු ස්ථානය හරහා 2020 දී ආර්ජන්‍ටිනාව විසින් කක්ෂගත කරන ලද පෘතුවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක් හෝ Nusat-17 චන්ද්‍රිකා ගොනුවෙන් එක් චන්ද්‍රිකාවක් හෝ ගමන්කරනු ඇතිබවට පැය 30 කට කලින් ලැබුණු අනතුරු දැන්වීමේ සංඥා සම්භන්ධව කල නිරීක්ශන සහ ගණනය කිරීම් වලට අනුවයි. ඊට ISS හි චාලක පද්ධතිය විනාඩි 6 කට ආසන්න කාලයක් ක්‍රියාත්මක කිරීමට සිදුවූ බවද වාර්තා වල දක්වා තිබෙනවා.
1999 සිට මෙවන් අවස්ථා 32ක් සිදුව ඇතිබවත්, පසුගිය අවුරුද්දේ රුසියාව විසින් ප්‍රති-චන්ද්‍රිකා මෙහෙයුම (anti-satellite-ASAT) මෙහෙයුම යටතේ විනාශ කල Cosmos 1408 චන්ද්‍රිකාවේ ලෝහ කැබලි වලින් ආරක්ෂා වීමටද මෙලෙසම ක්‍රියාකිරීමට සිදුවූ බවත් පැවසෙනවා.
