ජපාන අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් JAXA ආයතනයෙන් පසුගිය මාර්තු 6 වෙනි දින අභ්‍යවකාශගත කරන ලද H3 රොකට්ටුව ගුවන්ගතවී මිනිත්තු 5 හා තත්පර 27 පසු අසාර්ථකවී තිබෙනවා. මීට හේතුව වී ඇත්තේ රොකට්ටුවේ දෙවන අදියර නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීමයි. ඒ සමග රොකට්ටුවේ සිට දියත් කිරීමට නියමිත තිබූ ALOS-3 නම් පෘථිවි නිරීක්ශන චන්ද්‍රිකාවද විනාශ වූවා. මෙම චන්ද්‍රිකාව පෘථිවියට කිලෝමීටර 669 දුරින් පිහිටි සුර්ය සමමුහුර්ත කක්ශයට යැවීමට සැලසුම් කර තිබුන අතර මීටර 0.8 අධි විභේදනයක් යටතේ ඡායාරූප ලබාගැනීමේ හැකියාවෙන් යුක්ත වූවා.
H3 කාන්ඩයේ ජපානය සතු විශාලතම රොකට්ටු වර්ගය වන අතර ටොන් 4ක බරක් සූර්ය සමමුහුර්ත කක්ශයට රැගෙන යාමට හෝ ටොන් 6.5ක බරක් භූ ස්ථාවර කක්ශයට රැගෙන යෑමේ හැකියාවෙන් යුක්ත වනවා.
