මෙම ඇස්ටරෝයිඩ 4 කිලෝමීටර මිලියන 7.5ක පමන දුරින් ගමන් කරනු ඇති බවට මේවනවිට ඒ පිළිබඳව අවධානයෙන් සිටින පර්යේෂකයින් පවසසිටිනවා. 2012 DK31 අඩි 450 ක විශාලත්වයකින් යුක්තයි. එය පෙබරවාරි 27 දින පෘථිවිය පසුකර ගොස් තිබෙනවා. එහි කක්ෂ කාලය වසර 200ක් පමණ වේ. 2006 BE55 ද අඩි 450 ක පමණ විශාලත්වයකින් යුක්තයි. එය එය පෙබරවාරි 28 දින පෘථිවිය පසුකර ගොස් තිබෙනවා. එහි කක්ෂ කාලය වසර 5 කි.
මාර්තු මස 3 වනදා අඩි 700 ක විශාලත්වයකින් යුතු 2007 ED125 ඇස්ටරෝයිඩය කිලෝමීටර මිලියන 4.4 ක දුරින් සහ 2021 QW නම් අඩි 250 ක විශාලත්වයකින් යුතු ඇස්ටරෝයිඩය කිලෝමීටර මිලියන 5.3 ක දුරින් පෘථිවිය පසුකර යනු ඇති බවට පර්යේෂකයින් වාර්තා පළකර තිබෙනවා.
