අද දින 4EB බ්‍රිස්බෙන් ගුවන් විදුලි නාලිකාවෙන් විකාශය වූ ඉරිදා අරුනැල්ල වැඩසටහනට තරු පුවත් අඩවියේ සංස්කාරක ආචාර්ය ජනිත් වීරසිංහ සහභාගී වූවා. එහිදී “ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකීය පර්යේෂකයෙකුගේ නවතම පර්යේෂණයක තතු විත්ති” විශේෂාංගය වෙනුවෙන් ඔහු තම අභ්‍යවකාශ පර්යේශන කටයුතු වල නවතම තොරතුරු පිලිබඳව කරුනු කිහිපයක් ඉදිරිපත් කරනු ලැබුවා. මීට අමතරව තරු පුවත් බ්ලොග් අඩවියේ ඉතිහාසය, අරමුනු, වර්තමාන තත්වය හා තරු පුවත් කණ්ඩායම පිලිබඳවද තොරතුරු ගෙන එනු ලැබුවා. අරුණැල්ල වැඩසටහනට සහභාගී වීමට ආරාධනා කිරීම වෙනුවෙන් 4EB බ්‍රිස්බෙන් ප්‍රජා ගුවන් විදුලියේ සිංහල සේවයේ සියලුම කාර්ය මණ්ඩලයට සහ වැඩසටහන මෙහෙයවූ චතුරිකා වික්‍රමගේ මහත්මියටත්, තරු පුවත් කණ්ඩායම සිය ප්‍රණාමය සහ ස්තූතිය පුද කර සිටිනවා.
මෙම වැඩසටහනට අන්තර්ජාලය මගින් සවන්දීමට ඉහත ධාවකය භාවිතා කරන්න.
4EB බ්‍රිස්බෙන් ප්‍රජා ගුවන් විදුලි නාලිකාවේ සිංහල සේවයේ වෙබ් අඩවිය මෙම සබැඳියෙන් පරිශීලනය කල හැකියි.