Webb දුරේක්ෂය භාවිතයෙන් පර්යේෂණ සිදුකරන කණ්ඩායමකට එහි NIRCam භාවිතයෙන් ලබාගත් පළමු ජයාරූප වල ඉතා මතභේධාත්මක රතු පැහැ තරුකා ආලෝකයන් 6ක් දැකගත හැකිව තිබෙනවා. ඒවායේ සමීප ජයාරූප ලබාගත් ඔවුන් ඒවා මහා පිපුරුමෙන් වසර මිලියන 500 ත් 700 ත් අතර කාලයේ අඳුරු යුගයෙන් පසු බිහිවුණු මුල්ම ගැලැක්සි බවත් එවැන්නක ආලෝකය තවමත් පැවතීම දැනට පවතින තාරකා භෞතික විද්‍යා න්‍යායයන්ට අනුව ඉතා ගැටලුකාරී තත්වයක් බවද ඔවුන් පවසනවා.
එම ගැලැක්සි වල විශාලත්වය හබල් වෙතින් නිරීක්ෂණය කල විශ්වයේ මුල් කාලින ගැලැක්සි ලෙස හඳුනාගත් ගැලැක්සි වලට වඩා විශාල බවත් ඒවා ක්ෂිර පථය තරම්ම විශාල බවත් හඳුනාගෙන තිබෙනවා. පෙර හඳුනාගත් එම ගැලැක්සි ක්ෂිර පථයේ ප්‍රමාණය මෙන් අඩක් හෝ ඊට වඩා කුඩා ඒවා විය. නමුත් විශ්වයේ වයස දැන් වයස මෙන් 3% ක් පමණක් තරම් වන විටත් මෙතරම් විශාල ලෙස එම හඳුනාගත් රතු ගැලැක්සි පැවතීම පිලිබඳ ඔවුන්ට නැවත අජටාකාශවිද්‍යාව පිලිබඳ නව න්‍යායන් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති බවට ඔවුන් අදහස් පළකර සිටිනවා.
