ක්වාර් (Quaoar) නම් වාමන ග්‍රහ ලොව සොයාගනු ලැබුවේ 2002 වසරේදීය. ඒ කුයිපර් තීරය පිලිබඳ සිදුකෙරෙමින් පැවති පර්යේෂණ අතරතුරයි. 2018 සිට 2021 දක්වා චියොප්ස් (Cheops) නමින් කක්ෂ ගතකර ඇති දුරේක්ෂය භාවිතයෙන් යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය සිදුකල නිරීක්ෂණ වලින් මෙම වාමන ග්‍රහ ලොව වටා ග්‍රහ වළල්ලක් පවතින බව සොයාගනුනා. එය පිහිටා තිබුනේ ග්‍රහ ලොවේ අරය මෙන් හත් ගුණයක පමණ දුරිනි. මේ ග්‍රහ වළල්ල පිලිබඳ පර්යේෂණ පවත්වන පර්යේෂකයින් පවසන්නේ තාරකා භෞතික විද්‍යා පදනම් වලට අනුව මෙවැනි ග්‍රාහක කැබලි වළල්ලක ආකාරයකට නොපිහිටා ඒවා ගෙන් චන්ද්‍රයෙක් නිර්මාණය වන බවත් මෙලෙස පැවතීම ඉතා ප්‍රෙහෙලිකාවක් වන බවත්ය.


