C/2022 E3 (ZTF) ලෙස නම්ලද කක්ෂ කාලය වසර 50,000 ක් තරම් පමණ වන මෙම ග්‍රාහකය මිට පෙර පෘතුවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලයට සමීපව ගමන් කර ඇත්තේ මිට පෙර නියැන්ඩේර්තාල් හිම යුගයේ බව පර්යේෂකයන් පවසයි. මෙය ආසන්න වශයෙන් පෘතුවියට කිලෝමීටර මිලියන 42ක් එනම් සුර්යා සහ පෘතුවිය අතර දුර මෙන් 28% ක තරම් අසන්න දුරකින් ගමන්කරනු ඇත. ජනවාරි 12 වනදා හිරුට කිලෝමීටර මිලියන 160ක් ආසන්නයෙන් මෙය ගමන්කර මේ වනවිට පෘතුවිය දෙසට ඇදෙමින් පවතී.
මෙය පළමුව නිරීක්ෂණය කර තිබුනේ 2022 වසරේදී අශ්ව හිස නෙබියුලාව ආශ්‍රිතව ඇමරිකානු පර්යේෂකයින් පිරිසක් විසින්ය. කොළ පැහැයට හේතුව මෙහි ඇති කාබන් අණු ( diatomic carbon) බවත් ඒවා මතට සුර්යයාගේ අධෝරක්ත විකිරණ පතිත වූ විට එයින් කොළ පැහැය නිකුත්වන බවත් ඔවුන් පවසනවා.
පෙබරවාරි පළමුවනදා ග්රින්විච් වේලාවෙන් GMT 23:49 ට (ලංකාවට පෙබරවාරි 2, පාන්දර 4.00 සිට) මෙය නිරීක්ෂණය කිරීමට හැකි වනු ඇත්තේ කුඩා වලසා සහ මහා වලසා රාශීන් අතර ඉහල ප්‍රදේශයේය ( Camelopardalis constellation). උතුරු ක්ෂිතිජයෙන් අංශක 49ක් ඉහල අහසේ සිට අංශක 58ක් දක්වා මෙය ගමන්කරනු ඇත. පෙබරවරී 2දා ග්රින්විච් වේලාවෙන් GMT 02:46 වනවිට මෙය උදේ හිරුඑලියත් සමග නොපෙනි යනු ඇත. ඉතා හොඳ කාලගුණ තත්වයක් යටතේ මෙය පියවිඇසින් දැකීමට හැකි බවත් දින කීපයක්ම මෙය අහසේ දිස්වනු ඇතිබවත් ඔවුන් වාර්තා කර සිටිනවා.
පෙබරවාරි 5 දින කැපෙල්ලා (Capella) තාරුකාව ආශ්‍රිතවද, 9 සිට 13 දා දක්වා වෘෂභ රාශියේ (Taurus constellation) අඟහරු ග්‍රහයා ආශ්‍රිතවද නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇත.




