ගැටෙන ගැලක්සි මැද අනපේක්ෂිත සොයාගැනීමක්

ඇටකාමා හි ඇල්මා( Atacama Large Millimeter/submillimeter Array – ALMA) දුරේක්ෂය සහ ජාතික රේඩියෝ තාරකාවිද්‍යා නිරීක්ෂණාගාරය (National Radio Astronomy Observatory – NRAO) භාවිතයෙන් ඇමරිකානු ජාතික විද්‍යා පදනම සමඟ එකතුව පර්යේෂණ සිදුකරන පර්යේෂකයින් පිරිසක් විසින් තවත් අපූරු සොයාගැනීමක් සිදුකර තිබෙනවා. ඒ පෘතුවියට ආලෝක වර්ෂ මිලියන 500 ක පමණ දුරකින් කටක රාශිය (constellation Cancer) තුල එකිනෙක ගැටෙමින් පවතින UGC 4211 ලෙස නම්කළ ගැලැක්සි දෙක මධ්‍යයේ වර්ධනය වෙමින් පවතින අතිවිශාල ප්‍රමාණයේ කලුකුහර යුගලයක්ය.

මෙය හමුව ඇත්තේ ගැලැක්සි දෙකේ ඇති ක්‍රියාකාරී මධ්‍ය ප්‍රදේශයේ දක්වන ඉතා දිප්තිමත්භාවයන් පිලිබඳ නිරීක්ෂණය කිරීමේදීය.පර්යේෂකයින්ගේ රේඩියෝ තරංග ආයාම නිරීක්ෂණ වලට අනුව මෙම කලුකුහර යුග්මය පිහිටා ඇත්තේ මෙතෙක් වාර්තා වී ඇති අවම දුරකිනි. ඒ ආලෝක වර්ෂ 750 ක දුරක් තරම් වූ එකිනෙකට ඉතා ආසන්නවය.

අවට විශ්වයේ බොහෝ කලුකුහර යුග්මයන් වාර්තාවී ඇතිනමුත් බොහොමයක් අක්‍රීය මට්ටමේ ඇතිබවත්, නිරීක්ෂණය කිරීමට හැකි ඒවා අතරින් වර්ධනය වෙමින් පවතින මෙවැනි කලුකුහර යුග්මයන් බොහෝ විරල බව පර්යේෂකයින් පවසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )