සැඟවුණු වාමන ගැලැක්සිය

හබල් දුරේක්ෂයේ ජයාරූප වලට ඉතා අනපේක්ෂිත ලෙස හසුවුණු HIPASS J1131–31 ලෙස නම්කර ඇති මෙය ආලෝක වර්ෂ මිලියන 20ක පමණ දුරකින් පිහිටා ඇත්තකි. මෙහි විශාලත්වය ආලෝක වර්ෂ 1,200 ක් පමණ වන බවත් එය ඉතා කුඩා ප්‍රමාණයේ ගැලක්සියක් බවත් පර්යේෂකයින් පවසයි. මෙය මෙතෙක් නිරීක්ෂණය කිරීමට නොහැකිව තිබී ඇත්තේ එහි ඉදිරිපසින් තිබෙන ඉතා වේගයෙන් කරකැවෙන TYC 7215-199-1 නම් තරුකාව නිසා බව නාසා ආයතනයේ පර්යේෂකයින් පවසයි. වසර 20ක්ට පමණ පෙර මෙය ඕස්ට්‍රේලියානු පර් ක්ස් රේඩියෝ දුරේක්ෂයෙන් හඳුනාගෙන තිබුනේ සිසිල් හයිඩ්‍රජන් වායු කලාපයක් ලෙසයි.

එහි ඇති තෝරාගත් තාරුකා 60ක් ආශ්‍රිතව කල පර්යේෂණය වලින් නිගමනය වී ඇත්තේ ඒවා අවට විශ්වයේ දැකියහැකි තාරුකා වලට වඩා බොහෝ යොවුන් බවයි. එමෙන්ම ඒවායේ වාර්තාවන ලෝහ අනුපාතයද ඉතා අවම වේ. මෙය වාමන ගැලක්සියක් ලෙස නම්කලද මහා පිපුරුමෙන් පසු සිදුවන ක්‍රියාවලින්ගෙන් හඳුනා නොගත් ක්‍රියාවලියක් මේ ගැල්ක්සිය තුල සිදුවමින් පැවතීමට හැකිබවත් පර්යේෂකයින් මත පළකරනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )