තාරකා විද්‍යාවට අභියෝගාත්මක පිපුරුමක්!

නාසා හි NGS නිරීක්ෂණාගාරය (Neil Gehrels Swift Observatory) භාවිතයෙන් පර්යේෂණ පැවැත්වූ පර්යේෂකයන් පිරිසක් විසින් 2021 වසරේ දෙසැම්බර් මස 11 වන දින බුටස් රාශිය (constellation Boötes) ආශ්‍රිතව සිදුවූ ඉතා බලවත් පිපුරුමක් පිළිබඳව වාර්තාවක් ඉදිරිපත්කර තිබෙනවා. මෙය සිදුව ඇත්තේ ආලෝක වර්ෂ බිලියනයකට පමණ දුරකින්. එහිදී පෙර වාර්තා නොවූ තරම් ඉතා බලවත් ආලෝක ධාරාවන් නිකුත්ව ඇතිබවට නිරීක්ෂණය කර තිබෙනවා. එමෙන්ම එම පර්යේෂණ වලට අනුව මෙම සිදුවීම නිරීක්ෂණයෙන් ලද නිගමනයන්, භාවිතයේ පවතින පිළිගත් ගැමා කිරණ පිලිබන්ධ සිද්ධාන්ත වලට වඩා සපුරා වෙනස් බවත් ඔවුන් පර්යේෂණ පත්‍රිකා මගින් පෙන්වා දී තිබෙනවා.

එය කිසිසේත්ම සුපර්නෝවා පිපුරුමක් නොවන බවත් එයින් ලැබුණු ආලෝක සංඥා නියුට්‍රෝන තාරකා දෙකක් හෝ කලුකුහර දෙකක් ගැටීමකින් ඇතිවන කිලෝනෝවා පිපුරුමකටත් වඩා ඉතා වෙනස් බවත් ඔවුන් වාර්තා කරනවා. වැඩිදුරටත් ඔවුන් පවසන්නේ මෙය නියුට්‍රෝන තාරකා දෙකක් එකට ගැටෙමින් එක් තරුකාවක් බවට පත් වන අවස්ථාවකදී කලුකුහරයක් වෙත ඇදී යාමක් ලෙස පර්යේෂණ වලට පෙනීයන බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )