නාසා ආයතනයේ භොතික විද්‍යාඥ ආචාර්ය බ්‍රයන් මේ නයිට් තනතුරකින් පිදුම් ලබා තිබෙනවා. ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සුප්‍රකට ක්වීන් සංගීත කණ්ඩායමේ ගිටාර් වාදන ශිල්පියා ලෙසයි. මීට අමතරව ඔහු භොතික විද්‍යාව පිලිබඳ ප්‍රථම උපාධිය සහ සාමාන්‍ය උපාධිය ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයෙන් ලබාගෙන තිබෙනවා. පර්යේශන විද්‍යාඥයෙක් ලෙස නාසා ආයතනයේ මෙහෙයුම් රැසකට ඔහු දායකත්වය ලබා දී තිබෙනවා. ඒ අතර ප්ලූටෝ ග්‍රහයා වෙත ගමන් කල නිව් හොරයිසන්ස් මෙහෙයුම, ඔසිරික්ස් මෙහයුම, ඩාට් පර්යේශන චන්ද්‍රිකාව, මෙන්ම ග්‍රහකයක කොටස් නැවත පෘථිවියට ගෙන්වීමට ප්‍රථම වතාවට සමත් වූ ජපාන අභ්‍යවකාශ ඒජන්සියේ හයබුසා මෙහෙයුම ප්‍රධාන වෙනවා. මීට අමතරව අන්තර්ජාතික ඇස්ටරෝයිඩ දිනය නම් කිරීමට මූලිකත්වය ගත් ඔහුට සිදු කරන ගරුත්වයක් ලෙස 52665 යන ඇස්ටරොයිඩය ඔහුගේ නමින් නම් කරනු ලැබුවා.