Universal Night 22

ධර්මරාජ විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කරනු ලැබූ Universal Night 22 තාරකා විද්‍යා රාත්‍රිය පසුගිය දෙසැම්බර් මස 26 වන දින පස්වරු 06.00 සිට පසු දා පෙරවරුව දක්වා අති සාර්ථක ලෙස උත්සවශ්‍රීයෙන් පැවැත්වුණා. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ පේරාදෙණීය විශ්වවිද්‍යාලයේ මහාචාර්‍යය ජනක විජයකුලසූරිය මහතා යි.

දිවයින පුරා පාසල් 19 ක තාරකා විද්‍යා සංගම් සාමාජිකයන් රැසක් මෙම තාරකා විද්‍යා රාත්‍රියට සහභාගී වුණා.
දැනුම මිනුම තරගාවලියක් සහ වැඩමුළුවක් ලෙස අංශ දෙකක් ඔස්සේ මෙම විශ්ව රාත්‍රිය තාරකා විද්‍යා රාත්‍රිය පැවැත්වුණා. පැවති දිගු නිහඬබවකින් පසු ප්‍රථම වතාවට භෞතික ලෙස සංවිධානය වුණු තාරකා විද්‍යා රාත්‍රිය මෙය යි. දැනුම මිනුම තරගාවලියේ සමස්ත ශූරතාවලිය කොළඹ නාලන්ද විද්‍යාලයත්, අනුශූරතාවය මහනුවර කිංස්වුඩ් විද්‍යාලයත්, තෙවන ස්ථානය කොළඹ ඉසිපතන විද්‍යාලයත් දිනාගනු ලැබුවා. විද්‍යාලයේ සිසුන්ගේ කලාත්මක දක්ෂතාවයන්ගෙන් සහ නිර්මාණාත්මක හැකියාවන් රාශියකින් සමස්ත උත්සවය ම වර්ණවත් වී තිබුණා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )