හබල් දුරේක්ෂයේ ඇති පරීක්ෂණ සඳහා වූ අධි තාක්ෂණික කැමරාව (Advanced Camera for Surveys – ACS) සහ ග්‍රහලෝක සඳහා වූ අධි පරාස කැමරාව (Wide Field Planetary Camera 2 – WFPC2) භාවිතයෙන් ලබාගත් තවත් හරි අපූරු ජායාරූපයක් මේ වන විට නාසා ආයතනය විසින් මුදාහැර තිබෙනවා ඒ NGC6530 ලෙස නම්කර ඇති තාරකා ගොනුවේය (open cluster). එහි ඉතා පැහැදිලිව එහි දසදහස් ගණනක් වූ තාරකා අතර පැතිර ඇති ගෑස් වලාකුළු සහ දුහුවිලි වලාවන්, ඉතා වර්ණවත් ඝන දුමාරයක් ලෙස දැකගත හැක.
මෙය නිරීක්ෂණය කර ඇත්තේ ආසන්න වශයෙන් ආලෝක වර්ෂ 4350ක් පමණ දුරින් පිහිටා ඇති ලැගූන් නෙබියුලාවේ ය.

