කාලයක පටන් තාරකා විද්‍යාඥයන් විසින් සිදුකල පරේයේෂණයක තොරතුරු මේ වනවිට නාසා ආයතනය විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අප සිටින සෞරග්‍රහ මණ්ඩලයේ දිස්වන අත්භූත ආලෝකයක් පිළිබඳවයි. එය ඔවුන් නිරීක්ෂණය කර ඇත්තේ ක්ෂිතිජයේ සිට නැගෙන මලානිකව විහිදුනු ආලෝක ධාරාවක් ලෙසයි.
පර්යේෂණ වලට අනුව දැක්වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලය මධ්‍යයේ සිට ප්ලුටෝ ග්‍රහයා දක්වා පැතිර ඇති දුහුවිලි වලාවක් ඇතිබවත්, එයින් පරාවර්තනය වන සුර්යාලෝකය නිසා මෙම සංසිද්ධිය ඇතිවන බවත්ය. එම දුහුවිල්ල, සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන්කරන උල්කාපාත වල දුහුවිල්ලෙන් සහ පාවෙමින් පවතින අයිස් හිම බෝල වල ඇති දුහුවිල්ල නිසා නිර්මාණය වී ඇතිබවත් ඔවුන් පවසා සිටිනවා.
මෙම පර්යේෂණය සඳහා ඔවුන් 2021 දී නව හොරයිසන් (New Horizons) අභ්‍යවකාශ යානයෙන් ලබාගත් දත්ත සහ හබල් දුරේක්ෂයෙන් ලබාගත් ජයාරූප ලක්ෂ දෙකක් පමණ භාවිත කර තිබෙනවා.



