දක්ශින අර්ධගෝලයේ පිහිටා ඇති විශාලතම රේඩියෝ දුරේක්ශය වන්නේ පාර්ක්ස් රේඩියෝ දුරේක්ශයයි. එය ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටා ඇත්තේ එහි අගනුවර වන සිඩ්නි නුවර සිට කිලෝමීටර 380 පමන දුරකිනි. මෙහි විශ්කම්භය මීටර 64කි. වර්තමානය වන විට සොයාගෙන ඇති පල්සර වලින් අඩකටත් වඩා සොයාගෙන ඇත්තේ මෙම දුරේක්ශයේ නිරීක්ශන වලින් වන අතර එමගින් සොයාගෙන ඇති නව මන්දාකිනි සංඛ්‍යාව 2500 ඉක්මවයි. තාරකා විද්‍යාත්මක නිරීක්ශන වලට අමතරව අභ්‍යවකාශ යානා වල තරංග ප්‍රතිග්‍රනය සඳහාද මෙම දුරේක්ශය විශේශ කාර්යභාරයක් ඉටු කරනු ලබයි. මෙම දුරේක්ශය මුල්ම වතාවට ඒ සඳහා යොදා ගනු ලැබුවේ 1962 වසරේ සිකුරු ග්‍රහයා ගවේශනය සඳහා අභ්‍යවකාශගත කරනු ලැබූ මැරිනර් 2 යානයේ සංඥා ප්‍රතිග්‍රනයටයි. 1969 වසරේ ඇපලෝ 11 මෙහෙයුමේදී චන්ද්‍රයා මතට මිනිසා පා තබන අයුරු සජීවීව මුලු ලොවටම සම්ප්‍රේශනය කරන ලද්දේද මෙම රේඩියෝ දුරේක්ශය යොදා ගනිමිනුයි. එම සිදුවීම පාදක කරගනිමින් පසු කාලයේ “The Dish” නමින් චිත්‍රපටයක්ද නිර්මානය කරන ලදී. මීට අමතරව වොයෙජර්, ගැලිලීයෝ, කැසිනි වැනි සුවිශේෂී අභ්‍යවකාශ මෙහෙයුම් ගනනාවක් සඳහා පාර්ක්ස් රේඩියෝ දුරේක්ශය තම දායකත්වය ලබාදී ඇත.
