2022 සැප්තැම්බර් මසදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණු ලුනා-25 (Luna-25) රුසියානු සඳ මෙහෙයුම 2023 වසරේදී ක්‍රියාත්මක කරන බව රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය විසින් වාර්තා කර තිබෙනවා. මිට LUNA-26 ඔබිටරයට සහ LUNA-27 රෝවරය භාවිත කෙරෙනු ඇත.මෙහෙයුම කල්දැමීමට හේතුව ලෙස ඔවුන් වාර්තා කර ඇත්තේ රෝවරය ගොඩබස්වන යාන්ත්‍රණයේ ඇති වේග සහ දුර මැනගන්නා සංවේදකවල අඩු ක්‍රියාකාරිත්වයක් වාර්තා වීමයි. Luna-25 මෙහෙයුමේදී සඳ මතට ගොඩබැස්වීමේ ක්‍රියාවලිය, සඳේ පිටත පෘෂ්ටය සහ වායුගෝලය ආශ්රිත පර්යේෂණ සිදුකෙරෙනු ඇත.
යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියෙන් මෙම මෙහෙයුම වෙනුවෙන් Pilot-D කැමරාවක් ලබාදීමට සුදානම් වී සිටියද, මේ වනවිට සිදුකෙරෙන රුසියානු යුධ මෙහෙයුම් නිසා එය ලබා නොදීමට පියවර ගෙන තිබෙනවා. එම Pilot-D කැමරාව රෝවරය ගොඩබැස්වීමේ ක්‍රියාවලිය වෙනුවෙන්ම විශේෂයෙන්ම නිර්මාණය කරන ලද්දකි.
මෙම මෙහෙයුම තවත් වැදගත් ඉතිහාස සිදුවීමක් වනු ඇත්තේ සෝවියට් සමුහාණ්ඩුව බිඳවැටීමෙන් පසු සිදුකරන පළමු රුසියානු සඳ මෙහෙයුම වීමයි.




