ප්‍රචණ්ඩ වූ සූර්‍ය ගිනිදැල්

අභ්‍යවකාශ කාලගුණ නිරීක්ෂකයින් අගෝස්තු 27 සහ අගෝස්තු 29 දින අතර ප්‍රබල සූර්ය කුනාටු මාලාවක් නිරීක්ෂණය කර තිබු අතර එවා M8 තත්වයේ පැවති බව ඔවුන් වාර්තා කර තිබෙනවා. M පන්තියේ සූර්ය කුනාටු මධ්‍යස්ථ තත්වයේ සූර්ය කුනාටු ලෙස සැලකේ. නමුත් මෙහි විකිරණ මගින් කෙටි රේඩියෝ තරංග අවහිරවීම් සිදුවියහැකි අතර ගගනගාමින්ට හානිදායක වියහැක.

මිට පෙර ආසන්න දිනවලදී සුර්යාගේ AR3088 සුර්ය ලප ප්‍රදේශයෙන් M4 සහ M6.7 තත්වයේ ප්‍රචණ්ඩ සුර්ය කුණාටු පර්යේෂකයින් විසින් නිරීක්ෂණය කර තිබුණි. එමන්ම මෙම සුර්ය කුණාටු නිසා G1 තත්වයේ භූ-චුම්භක කුනාටු හටගත හැකි බවද පර්යේෂකයින් විසින් වාර්තා කර තිබුණි. උතුරු ඇමරිකාවේ බොහෝ ගුවන්විදුලි අවහිරවීම් මෙම සුර්ය කුනාටු නිසා සිදුවී ඇති බවට මේ වනවිට වාර්තා වී තිබේ. එමන්ම තව දුරටත් මෙම තත්වය චන්ද්‍රිකා මෙහෙයුම්, විදුලි ජාල සහ සත්ව සංක්‍රමණ රටා වලට සුළු බලපෑම් ඇති කළ හැකි බවටද පර්යේෂකයින් විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මෙම තාවයන් නිසා උතුරු අර්ධගෝලයේ ඉතා දීප්තිමත් අවුරෝරා ආලෝක රටාද හටගෙන ඇති බව එහි සිටින නිරීක්ෂකයන් සහ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ගගනගාමින් විසින් වාර්තා කර තිබෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )