කරත්ත රෝද මන්දාකීණීය

NASA හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ නවතම ඡායාරූප පසූගියදා විද්‍යාඥයින් විසින් ප්‍රකාශයට පත් කරන ලදී. නවතම නිකුතුව මගින් කරත්ත රෝද මන්දාකීණියක් පෙන්නූම් කරන අතර එය අපගේ ග්‍රහලෝකයේ සිට ආලෝක වර්ෂ මිලියන 500 ක් පමණ දුරින් පිහිටා ඇති අතර මේ සමග Cartwheel සමඟ කුඩා සහකාර මන්දාකිණි දෙකක් ද Webb ජායාරූප නිකුතුවේ පෙන්නුම් කරනු ලබයි.
ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මෙය ආසන්න අධෝරක්ත කැමරාව සහ මධ්‍ය අධෝරක්ත උපකරණය යන මෙවලම් දෙකකින් සාදන ලද සංයුක්ත ජයාරෑපයකී.

තාරකා විද්‍යාඥයින් දශක ගණනාවක් තිස්සේ Cartwheel මන්දාකිණිය අධ්‍යයනය කරමින් සිටිති. මුලදී, එය ඕස්ට්‍රේලියාවේ භූමි නිරීක්ෂණාගාර දෙකකින් පරීක්ෂා කරන ලදී, පළමුව UK Schmidt දුරේක්ෂය සහ පසුව ඇන්ග්ලෝ-ඕස්ට්‍රේලියානු දුරේක්ෂය මගින් පරික්ෂා කල නමුත් එය වඩාත් ප්‍රචලිත වන්නේ මන්දාකිනිය පිළිබඳ වැඩි විස්තර සහිත ඡායාරූප 1990 ගණන්වල නිපදවූ හබල් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබා ගැනීමෙන් පසුවය. තවද ජෙම්ස් Webb, ජූලි මාසයේදී, අපගේ දර්ශනයෙන් සැඟවී සිටින ඊටත් වඩා දුරස්ථ මන්දාකිණි පවතින බව අනාවරණය කල අතරම කරත්ත රෝද මන්දාකීණීයේ ( Cartwheel Galaxy )හි එහි ඡායාරූප මගින් මන්දාකිණියේ වළලු තුළ තාරකා සහ ඉන් ඔබ්බෙහි ඇති අනෙකුත් තරු පද්ධති දුසිම් ගනනක් සවිස්තරාත්මකව පෙන්නුම් කරන ජායාරූප නිකුත් කරනු ලැබීය.

මෙම Cartwheel හි පෙනුම ගොඩනැගෙන්නේ වසර මිලියන සිය ගණනකට පෙර ඇති වූ මන්දාකිණි දෙකක ඝට්ටනයකිනයකීන් පසුවය. මෙම Cartwheel බොහෝ විට ක්ෂීරපථය වැනි දෙයක් සේ පෙනෙන්නට පටන් ගෙන, පසුව මෙම අනෙකුත් මන්දාකිණිය හරහා ගමන් කර ඇති බවට අනුමාන කරනු ලබයි.කුඩා මන්දාකිණිය, කෙසේ වෙතත්, එය විනිවිද ගිය විශාල සර්පිලාකාරයේ සිරවී නොසිට, විශාල එකකින් ඉවතට ගමන් කරමින් ඉදිරියට පැමිණෙන්නට ඇත. මෙම සංසිද්ධිය නාසා ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද රූපයේ අපට දැක ගත නොහැක.

මන්දාකිණි ඝට්ටන ගැඹුරු අභ්‍යවකාශයේ අසාමාන්‍ය සංසිද්ධියකී. කෙසේ වෙතත් මන්දාකීණී ඒකාබද්ධ වීමේදී අහම්බෙන් ඇති වූ මන්දාකිනියේ අමුතු හැඩය දශක ගණනාවක් තිස්සේ එය අධ්‍යයනය කිරීමට තාරකා විද්‍යාඥයින් පෙළඹවනු ලැබීය.

කුඩා මන්දාකිණියක් විශාල මන්දාකීණීය මත කඩා වැටුණු නිසා – සහ එහි මැදින් කෙළින්ම – එය එක් එක් මන්දාකිණියේ හැඩයට අවම බලපෑමක් කරනු ලැබ්ය. මන්දාකීණී දෙකම සාපේක්ෂව ඔවුන්ගේ අනන්‍යතාවය පවත්වා ගැනීමට සමත් විය. “Cartwheel හි හැඩය වෙනස් කළේ මෙම අනෙකුත් මන්දාකිනියේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ බලපෑමයි, එසේම එය මුල් Cartwheel මන්දාකිනියේ තාරකාවල කක්ෂය ද වෙනස් කරනු ලැබීය.

ජයාරෑපයේ නිල් පැහැයෙන් තරුණ තරු සහ පැරණි තරු වලින් රතු පැහැති අණු සහ වළලු අතර පාවෙන අභ්‍යවකාශ දූවිලි ඉස්මතු කර පෙන්වයි.

දැනටමත් ක්ෂීරපථයේ ප්‍රමාණය මෙන් 1.5 ගුණයක ප්‍රමාණයේ Cartwheel මන්දාකීණීය තවමත් ප්‍රසාරණය වෙමින් පවතින අතර එහි පිටත වළල්ලේ සහ එහි කෙළවරේ නව තරු නිර්මාණය වෙමින් පවතී. කෙසේ වෙතත්, Cartwheel කොතරම් විශාල වනු ඇත්ද, එය වර්ධනය වීම නතර වන්නේ කවදාද? එය සිදු වූ විට එය කුමන හැඩයක් ගනීද යන්න පිළිබඳව නිශ්චිත පිළිතුරක් නොමැත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )