ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවරට කිලෝමීටර 500 පමන දුරකින් Australia Telescope Compact Array (ATCA) ගුවන් විදුලි දුරේක්ශ පද්ධතිය පිහිටුවා ඇත. ටොන් 270ක් බරැති මීටර 22 විශ්කම්භයෙන් යුතු ගුවන්විදුලි දුරේක්ශ හයකින් යුත් මෙය ක්‍රියාත්මක වන්නේ නිරෝධනමිති මූලධර්මය අනුවයි. එම නිසා තනි දුරදක්නයකට වඩා වැඩි විභේදයකින් යුතු ගුවන් විදුලි ඡායාරූප ලබා ගැනීමට මෙම පද්ධතියට හැකියාව ලැබී ඇත. මිලිමීටර 3 – 200 ගුවන් විදුලි තරංග ආයාම වල තරංග ප්‍රතිග්‍රහනය කරන එය 1988 වසරේ සිට අද දක්වා ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙම දුරදක්න පද්ධතිය මගින් සිදු කල සොයාගැනීම් අතර 1991 වසරේ ප්‍රථම වරට සුපර්නෝවා අවශේෂයක් ගුවන් විදුලි ඡායාරූපගත කිරීම, 1995 වසරේ බ්‍රහස්පති ග්‍රහයාගේ විකිරණ වලලු වල ත්‍රිමාන ආකෘතිය නිපදවීම, මැගලන් වලාවේ හයිඩ්‍රජන් සිතියම් නිර්මානය, ගැමා කිරණ පිපුරුම් හා සුපර්නෝවා අතර ඇති සම්බන්ධය පිලිබඳව මුල්ම සාක්ශි නිරීක්ශනය කිරීම, ආදී පර්යේශන රාශියක්ම වේ.
මෙම දුරදක්න පද්ධතියට ආසන්නයෙන් පිහිටා ඇති තවත් සුවිශේෂ ස්ථානයක් වන්නේ “යාරී” නමින් හඳුන්වන විලයි. කිලෝමීටර 3ක් පමන වපසරියකින් යුත් පීරිසියක හැඩයකින් යුක්ත මෙම විල අතීතයේ සිදුවූ උල්කාශ්ම ඝට්ටනයක ප්‍රතිඵලයක් ලෙස නිර්මානය වූවා යැයි සැලකේ.

