තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරඟය සඳහා අයදුම්පත් කැඳවේ.

ශ්‍රී ලංකා භොතික විද්‍යා ආයතනය මගින් කොළඹ විශ්වවිද්‍යාලයේ භොතික විද්‍යා අංශය සහ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ඔලිම්පියාඩ් සංගමයේ සහයෝගය සහිතව පවත්වනු ලබන 14 වන ශ්‍රී ලංකා තාරකා විද්‍යා සහ තාරකා භොතික විද්‍යා ඔලිම්පියාඩ් තරඟය (10, 11, 12, 13 ශ්‍රේණි) සහ 10 වන ශ්‍රී ලංකා කනිෂ්ඨ තාරකා ඔලිම්පියාඩ් තරඟය (6, 7, 8, 9 ශ්‍රේණි) 2022 සැප්තැම්පබර් මස 17 වන සෙනසුරාදා දින පැවත්වේ. මෙම තරඟ සඳහා සිසුනට සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන ඕනෑම මාධ්‍යකින් පෙනී සිටිය හැකිය. කොළඹ, කැළණිය, රුහුණ, රජරට, යාපනය යන විශ්වවිද්‍යාලයන්හි සහ මහනුවර(පොල්ගොල්ල), මඩකලපුව යන විවෘත විශ්වවිද්‍යාල මධ්‍යස්ථානයන්හි දී සිසුන්හට මෙම ඔලිම්පියාඩ් තරඟ දෙකටම සහභාගී වීමට ඉඩ සලස්වා ඇත.

ජාතික මට්ටමෙන් ජයග්‍රහණය කරනු ලබන සිසුන්හට රන්, රිදී, සහ ලෝකඩ පදක්කම් සහ කුසලතා සහතික පිරිනැමෙන අතර මීට අමතරව 2023 දී පැවැත්භවන අන්තර්ජාතික තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරග වලට ජාතික කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වීමට අවස්ථාව ලැබෙනු ඇත.

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2022 සැප්තැම්බර් මස 02 වේ. මෙම තරඟාවලි පිලිබඳ වැඩිදුර තොරතුරු සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර මෙම සබැඳියෙන්ද, කනිෂ්ඨ තරඟාවලි මාර්ගගත අයදුම්පත මෙම සබැඳියෙන්ද, ජේශ්ඨ තරඟාවලි මාර්ගගත අයදුම්පත මෙම සබැඳියෙන්ද ලබා ගත හැකිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )