අද කඩාවැටෙන චීන රොකට්ටුව

චීන අභ්‍යවකාශ මධ්‍යස්තානය වෙත නව මොඩියුලයක් ප්‍රවාහනය කල ලෝන්ග් මාර්ච් 5B රොකට්ටුවේ ටොන් 25 පමන බරැති හරය අද දින (ජුලි 30) යලි පෘථිවියට කඩා වැටීමට නියමිතයි. මෙහි ගමන් මාර්ගය උතුරු හෝ දකුණු අක්ශාංෂ 41 ඔස්සේ විහිදී තිබීම නිසා ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් සිදු නොවුනද ටොන් 5.5-9 ආසන්න සුන්බුන් වායුගෝලය තුල නොදැවී යලි පෘථිවිය වෙත ලඟා වීමේ හැකියාවක් පවතිනවා. ග්‍රිනිච් වේලාවෙන් 18:05 න් පෙර හෝ පසු පැය 5ක කාලයක් තුල මෙම රොකට් කොටස පෘථිවි වායුගෝලය වෙන ඇතුලු වීමට නියමිතයි. අවාසනාවකට මෙන් මෙය නිශ්චිතවම කඩා වැටෙන්නේ කුමන ප්‍රදේශයටද යන්න පැවසීමට කිසිදු හැකියාවක් ඇත්තේ නෑ. නමුත් පෘථිවි පෘශ්ඨයෙන් 70% ක් ජලයෙන් වැසී තිබීම නිසා අනතුරක් සිදු නොවීමේ සම්භාවිතාවය 99.5% පමන වනවා. මීට පෙර 2020 වසරේ දියත් කල ලෝන්ග් මාර්ච් රොකට් කොටසක් කිසිදු අනතුරකින් තොරව සාගරයට පතිත වූ අතර 2021 වසරේ දියත් කල රොකට්ටු කොටසක් බටහිර අප්‍රිකාවට පතිත වුනා.

රොකට්ටුව ගමන් ගන්නා මාර්ගයේ ආනතියට අනුව ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ අඩු අවදානම් කලාපයේයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )