අවුරුදු 16කින් විසඳාගත් තාරකා ගැටළුව

2014 වසරේ දී NASA ආයතනයේ ගලේක්ස් (GALEX) හෙවත් ගැලැක්සි ක්‍රියාකාරිත්ව නිරීක්ෂකය (Galaxy Evolution Explorer) ලෙස නම්කරන ලද අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් පර්යේෂකයින් පිරිසක් විසින් ස්වරුපයෙන් බොහෝ වෙනස් හැඩයක් සහිත වූ ආකාශ වස්තුවක් නිරීක්ෂණය කර තිබුණි. එයින් නිකුත් කල දෘශ්‍ය ආලෝකය බොහෝ අවම මට්ටමක පැවතුනි. මධ්‍යයේ තරකාවක්ද එය වටකරගත් නිල් පැහැති වායු වලාවක්ද ඉන් පිටත එක මත එක ඇති ලෙස දිස්වන රෝස පැහැති තවත් වෘතාකාර වායු වලාවක් පර්යේෂකයින් විසින් නිරීක්ෂණය කර තිබුණි. නමුත් මෙහි වූ එම අමුතුම හැඩය නිසාම පර්යේෂකයින් විසින් දිගින් දිගටම එය විවිධාකාර අභ්‍යවකාශ දුරේක්ෂ භාවිතාකරමින් වසර 8ක් පුරා නිරීක්ෂණය කරමින් ඊට අදාළ විවිධ දත්ත ලබාගෙන තිබිණ.

මෙය තාරකා දෙකක් ගැටී එකතුවී තනි තාරකාවක් ලෙස නිර්මාණයවී තිබුණි බවට පෙර නිගමනය කර තිබිණි. එහි නිල් පැහැ රවුම් හැඩය නිසා නිල් වළලු නෙබියුලාව (The Blue Ring Nebula) ලෙස නම් කර තිබිණ. කාලයත් සමග එහි නිලි පැහැ පෙදෙසේ වූ දුවිලි අංශු ක්‍රමයෙන් පහවීමත් සමග ඒ පිලිබඳ දත්ත වඩා පැහැදිලිව ලබාගැනීමට පර්යේෂකයන් මේ වනවිට සමත්වී තිබෙනවා. එමෙන්ම ඔවුන් NASA හි ජෙට් ප්‍රචාලන විද්‍යාගාරය මගින් අඩු වැඩි වශයෙන් ලබාගත් දෘශ්‍ය ආලෝකයට සමීප අධෝරක්ත තරංග දත්ත උපයෝගී කරගෙන මෙහි පරිඝනක ප්‍රතිරූපයක්ද උත්පදනයකොට ගෙන තිබෙනවා.

එහිදී ඔවුන්ට නිරීක්ෂණය වී ඇත්තේ සුපර්නෝවා පිපිරුමක් සිදුවුණු නමුත් එයින් විනාශ නොවුනු තාරකාව සහ පිපිරුම නිසා විසිරි ගිය කොටස් සහ දුවිලි වලාවන් නිසා මෙහි අමුතුම හැඩය නිර්මාණය වී ඇති බවයි. එමෙන්ම මේ වනවිට නිරික්ෂනය කර ඇති සුපර්නෝවා පිපිරීම් වලදී පිටකර ඇති අධෝරක්ත වර්ණාවලියට පරිබාහිර විකිරණ තරංග ආයාම මෙහිදී නිරීක්ෂණය නොවන බවත් ඔවුන් වාර්තා කර තිබෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )