ගැලැක්සි පොකුරු දෙකක ගැටුමක්!

චන්ද්‍රා X-Ray දුරේක්ෂය මගින් ලබාගත් අපුරු සිදුවීමක් පිළිබඳව වාර්තාවක් NASA ආයතනයෙන් මේ වනවිට එළිදක්වා තිබෙනවා. ඒ ඇබෙල් 1175 (Abell) නම් වූ ගැලැක්සි පොකුර පිළිබඳවයි. වම්පසට බරව ඇති නිල්පැහැයෙන් විශාල ගැලක්සියේ උණුසුම් වායු වලාවන්ද දකුණු පසට බරව නිල්-සුදු පැහැයෙන් කුඩා ගැලක්සියේ උණුසුම් වායු වලා වන්ද දැකගත හැකිය. මෙහි මැද සුදු පැහැ තිත් දෙකක් ලෙස දැකිය හැකි වන්නේ එකිනෙක ගැටෙන ගැලැක්සි පොකුරු දෙකේ මධ්‍ය කොටස්ය. තද රතු පැහැයෙන් ඇති විශාල කොටසින් දැක්වෙන්නේ කළු කුහර වලින් නිකුත් කරන වායු ධාරාවන්ය. එය ආලෝක වර්ෂ මිලියන 2.6ක් තරම් දිගුවන බව ගණනය කොට ඇත. එය පර්යේෂකයින් විසින් නිරීක්ෂණය කර ඇති දුරින් වැඩිම විකිරණ ධාරාවයි. ලා රතු පැහැ කොටසින් තවත් රේඩියෝ තරංග නිකුත් කරන කොටසක් දැක්වේ. එමෙන්ම මෙහි මැද වම්පසට බරව පහත කොටසේ නිල්-රතු පැහැ මිශ්‍රව ඇති කොටසෙන් කුඩා ගැලැක්සි පොකුරෙන් නිකුත් කරන උණුසුම් වායු ධාරාවන් දැක්වේ.

මේ නිරීක්ෂණය සඳහා Pan-STARRS දුරේක්ෂයේ ආලෝක දත්ත සහ නෙදර්ලන්තයේ පිහිටි ලොෆාර් ( LOw Frequency ARray (LOFAR) ) නම් රේඩියෝ දුරේක්ෂයෙන් මෙන්ම ඉන්දියාවේ මෙට්‍රේවේව් රේඩියෝ දුරේක්ෂයෙන් (Giant Metrewave Radio Telescope (GMRT)) ලබාගත් දත්තද උපයෝගී කරගෙන තිබෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )