විශ්වයේ සැකස්ම සෙවීමට රේඩියෝ දුරේක්ෂ 64ක බලය

අන්තර්ජාතික තාරකා විද්‍යා පර්යේෂකයන් පිරිසක් විසින් විශ්වයෙන් නිකුත්වන උදාසීන හයිඩ්‍රජන් වායුන්ගේ දුර්වල සංඥා හඳුනාගැනිමට SKAO (SKA Observatory) ලෙස නව ව්‍යාපෘතියක් ආරම්භකර තිබෙනවා. මේ සඳහා මහද්වීප 4ක් පුරා විහිදුනු රේඩියෝ දුරේක්ෂ 64ක බලය යොදාගැනීමට නියමිතයි. මෙහි නියමු දුරේක්ෂය ලෙස දකුණු අප්‍රිකාවේ පිහිටි තිබෙන මීර්කැට් (MeerKAT) දුරේක්ෂය භාවිත කෙරෙනු ඇත.

මෙම පර්යේෂණයේ මූලික අරමුණ වන්නේ විශ්වයේ පරිණාමය, අන්තර්ගතය සහ එහි වේගවත් ප්‍රසාරණයට හේතු වන මුලික කරුණු අවබෝධකර ගැනීමයි. මේ සඳහා විශාල පරිමාණයෙන් විශ්වයේ ව්‍යුහය නිරීක්ෂණය කලයුතු බව පර්යේෂකයන්ගේ මතය වී තිබෙනවා. එමෙන්ම මෙහිදී ගුරුත්වාකර්ෂණයේ ස්වභාවය සහ අඳුරු පදාර්ථ සහ අඳුරු ශක්තිය වැනි සංසිද්ධි පිළිබඳවද පර්යේෂණ සිදුකෙරෙනු ඇත.

මෙවැනි පර්යේෂණයක් පළමුවරට සිදුකර ඇත්තේ මැන්චෙස්ටර් හි තාරකා විද්‍යාඥයන් වන කනින්ග්ටන් (Cunnington), ලෝරා වොල්ස් (Laura Wolz) සහ කිත් ග්රෙන්ග් (Keith Grainge) ඇතුළත් කණ්ඩායමක් විසින්ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )