ශ්‍රී ලංකාව තුල විධිමත් ලෙස තාරකා විද්යාව හැදෑරීමට මේ වනතුරු අවස්ථාව ලැබී තිබුනේ සීමිත විශ්ව විද්‍යාල කිහිපයක සිසුන් සඳහා පමනයි. මේ සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබීම අත්‍යාවශ්‍ය වූ අතර ලබා ගත හැකි අවස්ථා ප්‍රමානයද සීමාසහිත විය. මීට විසඳුමක් ලෙස කැලණිය විශ්ව විද්‍යාලය මගින් තාරකා විද්‍යාව පිලිබඳ ඩිප්ලෝමාවක් හඳුන්වා දී තිබෙනවා. මෙය හැදෑරීම සඳහා අවශ්‍ය සුදුසුකම වන්නේ උසස් පෙල භොතික විද්‍යා, ජීව විද්‍යා හෝ තාක්ශන විශය ධාරා වලින් S සාමාර්ථ තුනක් ලබා තිබීමයි. මීට අමතරව උසස් පෙල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින සිසුන් හටද මෙය හැදෑරීමේ අවස්ථාව තිබෙනවා. මෙම ඩිප්ලෝමාව සඳහා වැඩි විස්තර මෙම ඡායාරූපයේ ඇති QR කේතය පරිලෝකනය කිරීම මගින් මෙන්ම කැලණි විශ්ව විද්‍යාලීය වෙබ් අඩවියෙන්ද ලබා ගන්නට පුලුවන්.