විද්‍යාඥයකු ලෙස රොසෙටා මෙහෙයුමට දායක වන්නට ඔබ කැමතිද?

යුරෝපා අභ්‍යවකාශ ආයතනයට (ESA) අයත් රොසෙටා අභ්‍යවකාශ යානයෙහි මුලික අරමුණ වූයේ ධූමකේතු අධ්‍යනය කිරීමයි. එමගින් 2014-2016 කාලය තුල 67P/Churyumov-Gerasimenko ධූමකේතුවේ ඡායාරූප රාශියක් ලබා ගැනුනා. මෙම කාලය තුල ධූමකේතු පෘශ්ඨය මත විවිධ වෙනස්කම් රාශියක් නිරීක්ශනය කිරීමට ඔවුන්ට හැකියාව ලැබුනා. නමුත් රොසෙටා යානයෙන් ලැබුන අති විශාල ඡායාරූප ප්‍රමානයක් අධ්‍යනය කිරීමට තරම් ප්‍රමානවත් මානව සම්පතක් ඔවුන් සතුව නෑ. මේ නිසා පුරවැසි විද්‍යාඥයන් ලෙස එම මෙහෙයුමේ ඡායාරූප සංසන්දනය කිරීමට දායක වන්නට ඒ පිලිබඳ උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට අවස්තාව ලැබී තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු මෙම සබැඳියෙන්ද සෘජුවම ධූමකේතුවේ ඡායාරූප අධ්‍යනය කිරීමට මෙම සබැඳියෙන්ද පිවිසිය හැකියි. මේ සඳහා ඡායාරූප දෙකක් සංසන්දනය කිරීමට වැයවන්නේ මිනිත්තු කිහිපයක කාලයක් පමනයි. ඒ සඳහා පුහුනුවක් අවශ්‍යනම් ඒ සඳහා ද මෙම වෙබ් අඩවියේම Tutorials අඩංගු කර තිබෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )