මේ සිදුවීම වාර්තා වන්නේ ජුනි මස 8 වන දිනය. මෙහිදී ඉතා කුඩා ප්‍රමාණයේ ග්‍රාහක හෝ අභ්‍යවකාශ කුණු කැබලි (tiny pieces of space debris) කිහිපයක් දුරේක්ෂයේ රන් ආලේපිත පරාවර්තක හා ගැටී ඇතිබවට පර්යේෂකයින් විසින් නිගමනය කර ඇත. නමුත් මෙයින් දුරේක්ෂයේ පර්යේෂණ කටයුතු සදහා කිසිදු බාධාවක් තවමත් ඇතිවී නොමැතිබවත් ඔවුන් වාර්තාකර තිබෙනවා. දුරේක්ෂය අභ්‍යවකාශයට නිරාවරණය කල පසු මෙවැනි සිදුවීම් සිදුවන් ඇතිබවට ඔවුන් පෙර නිගමනය කර තිබුනා. කාලයත් සමග මෙහි කාර්යක්ෂමතාවය අඩු වීමටමෙවන් ග්‍රාහක ගැටිම්ද හේතුවක් වනු ඇති බවත් ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.
