අභ්‍යවකාශ ගතකරන චන්ද්‍රිකා වලින් සිදුවන්නේ ඒවායේ ඇති විද්‍යාත්මක උපාංග මගින් ඊට අදාළ යම්කිසි වූ විශේෂිත දත්ත වර්ගයක් එකතුකොට ඒවා පෘතුවියේ ඇති පර්යේෂණ මධ්‍යස්ථාන වෙත වැඩිදුර පර්යේෂණ කටයුතු සඳහා එවීමයි. මෙහිදී එම චන්ද්‍රිකා වල ඇති සන්නිවේදන උපකරණ මගින් ඉතා මහඟු කාර්යභාරයක් ඉටුවේ. එම උපාංග අතරින් සන්නිවේදන ඇන්ටනා ඉතා විශේෂිත වේ. අදාළ චන්ද්‍රිකාව සහ පෘතුවියේ පිහිටා ඇති සන්නිවේදන මධස්ථානය හෝ පර්යේෂණ මධ්‍යස්ථානය සමග නිසි පරිදි දත්ත හුවමාරු කරගැනීමේ වගකීම ඇන්ටනාව සතුවේ. එමෙන්ම ගුවන්ගතකිරිමදී වැඩි අවකාශයක් වෙන්වන්නේද ඇන්ටනාවටයි.
ඊට වැයවන අවකාශය සහ එහි සන්නිවේදන තාක්ෂනය පිලිබඳ පර්යේෂණ කටයුතු සිදුකරන ජපානයේ සුප්‍රසිද්ධ සමාගමක් වන මිට්සුබිෂි (Mitsubishi Electric Corporation) ආයතනය විසින් මේ සඳහා විසදුමක් ලෙස පරාවර්තන ඇන්ටනාවක් නිර්මාණය කර තිබෙනවා. ඒ ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂනය භාවිතයෙනි. මෙහිදී අදාළ චන්ද්‍රිකාව නිර්මාණය කෙරෙනුයේ ඊටම සම්භන්ධ කෙරුණු ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් සහිතවයි. මේ සඳහා බාවිතා වන අමුද්‍රව්‍ය ද ඒ සමගම අසුරා යැවෙනුඇත. චන්ද්‍රිකාව කක්ෂගතකිරීමෙන් පසු අදාළ උපකරණ මගින් එම ඝන අමුද්‍රව්‍ය මෘදු තත්වයට පත්කොට ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රය මගින් පරාවර්තකය අභ්‍යවකාශයේදීම මුද්‍රණය කරයි. ඉන්පසු එය නිසිපරිදි ස්වයංක්‍රීයවම ස්ථානගත කෙරෙනු ඇත.
මේ සඳහා යොදාගැනෙන අමුද්‍රව්‍ය අල්ට්‍රා-වයලට් ආලෝකයට නිරාවරණය වූ විට නැවත ඝනිභාවනයට පත්වේ. එමෙන්ම එම අමුද්‍රව්‍ය ෆැරන්හයිට් 750 තරම් ඉහල උෂ්නත්වයකට ඔරොත්තුදෙනු ඇති බවයි වාර්තා වන්නේ.

