හිරුගේ මතුපිට පෘෂ්ටය මෙන් 60ගුණයක් තරම් උණුසුම් අග්නි ජාලාවක් සහිත වූ පිපුරුමක් පිළිබඳව පර්යේෂකයින් පිරිසක් විසින් තොරතුරු අනාවරණය කර තිබෙනවා.
2020 ජුලි මස දී ජර්මනිය මගින් නිපදවූ මේ වනවිට පෘතුවියට කිලෝමීටර මිලියන 1.5 ක් දුරින් අභ්‍යවකාශයේ ස්ථාවර ගුරුත්ව තත්වයක් ස්ථාන ගතකර ඇති ඉ-රොසිටා (eROSITA) x-කිරණ අභ්‍යවකාශ දුරේක්ෂය මගින් පර්යේෂණ සිදුකරමින් සිටි කණ්ඩායමක් සුදුවාමන ග්‍රහයෙකුගේ දීප්තිමත් නෝවා පිපුරුමක් නිරීක්ෂණය මගින්ය මෙම සිදුවීම අනාවරණය කරගෙන තිබෙන්නේ. එමෙන්ම මෙය ඇසිපිල්ලමක කාලයක් තුල සිදුවූවක් ලෙසයි පර්යේෂණ වාර්තාවල පැවසෙන්නේ.
මෙම පිපුරුම “YZ Reticuli” ලෙසින් පර්යේෂණ වාර්තා තුල නම්කර තිබෙනවා.
