ශ්‍රී ලංකාවේ අදූරදර්ශී පාලනයට එරෙහිව සිදු කරනු ලබන ජන අරගලයට සහයෝගය ලබා දීමට තරු පුවත් අප විසින් #GoHomeGota2022 ශ්‍රී ලාංකික පුරවැසි හඬ 2.5 -5 GHz පරාසයේ රේඩියෝ තරංග ඔස්සේ විශ්වය පුරාවට සන්නිවේදනය කිරීමට කටයුතු සිදු කරනු ලැබුවා.
අභ්‍යවකාශය තුලදී රේඩියෝ තරංග ආලෝකයේ ප්‍රවේගයෙන් (තත්පරයට කිලෝමීටර ලක්ශ 3ක් පමන ) ගමන් කරන අතර මෙම ලිපිය ලියන මොහොත වන විට එය අඟහරු ග්‍රහයා පසු කරමින් බ්‍රහස්පති වෙත ලඟා වෙමින් පවතිනවා. මෙය සිදු කරන ලද්දේ උතුරු ඇමරිකාවේ පිහිටි SpaceSpeak රේඩියෝ තරංග සම්ප්‍රේශක දෙකක් සහ බ්‍රසීලයේ පිහිටා ඇති SpaceSpeak රේඩියෝ තරංග සම්ප්‍රේශකයක් හරහායි. ඒ අනුව 2.5 -5 GHz පරාසයේ රේඩියෝ තරංග මගින් සහ අඟල් 15ක දිසි ඇන්ටනා ආධාර කරගනිමින් පහත පණිවුඩය සම්ප්‍රේශනය කරනු ලැබුවා. මේ මොහොත වනවිට #GoHomeGota2022 පණිවුඩය පෘථිවියෙන් කොපමන දුරකට සම්ප්‍රේශනය වී තිබේදැයි සජීවීව දැන ගැනීම මෙම සබැඳිය ඔස්සේ නිරික්ශනය කල හැකියි.
Sri Lanka is suffering her most painful downturn since independence with unprecedented shortages of food and fuel, inflation and blackouts. The corruption, government mismanagement, ill-advised borrowing and tax cuts are the main cause of this economic woes. As the citizens of Democratic Socialist Republic of Sri Lanka, we demand the following.
- Everyone connected to the Rajapaksa family tree, including the President and the Prime Minister, must immediately resign from their posts and go home.
- Billion of dollars of public money which siphoned off by Rajapaksha family and its allies must return to the country.
- parliament would immediately bring in a constitutional amendment, repeal the 20th Amendment, reduce the powers of the presidency and establish a presidency accountable to parliament.
- The government should appoint an economic advisory board to alleviate the foreign exchange crisis in the short term. At the same time a 15-year set of national policies needs to be drafted. That set of policies cannot be changed even if the governments change again.
#GoHomeGota2022 #ArrestRajapakshas #GiveOurStolenMoneyBack #SaveSriLanka #findstolenmoney #PeoplesMoney #GotaGoHome2022 #CorruptPoliticians #rajapakshas #giveourstolenmoney #visabanforrajapaksas #freezerajapakshemoney
එහි සිංහල අනුවාදය මෙසේයි
ආහාර සහ ඉන්ධන හිඟය, උද්ධමනය සහ විදුලි අර්බුදය හේතුකරගෙන මේ මොහොතේ ශ්‍රී ලංකාව නිදහසින් පසුව අත් කරගත් දරුනුතම කඩාවැටීම අත්දකිමින් සිටී. මෙයට ප්‍රධානතම හේතු වන්නේ දූශනය, වැරදි කලමණාකරනය, ණය බර සහ වැරදි බදු ප්‍රතිපත්තියන් ය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියන් ලෙස අප පහත දැක්වෙන ඉල්ලීම් කරන්නෙමු.
- ශ්‍රී ලංකා ජනාධිපති, අගමැති ඇතුලුව සියලුම රාජපක්ශ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් වහාම තම තනතුරු වලින් ඉවත් විය යුතුයි.
- ඔවුන් විසින් සොරා ගන්නා ලද මහජන ධනය වහාම නැවත භාර දිය යුතුයි
- පාර්ලිමේන්තුව වහාම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ජනපති බලතල අඩු කල යුතු අතර පාර්ලිමේන්තුවට වග කිවයුතු ජනාධිපති තනතුරක් ඇති කල යුතුයි.
- පාර්ලිමේන්තුව විසින් විදේශ විනිමය අර්බුදය සමනය කරගැනීමට ආර්ඨික උපදේශක මණ්ඩලයක් පත් කල යුතු අතර වසර 15 පමන කාලයක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කල යුතුයි. මෙම ප්‍රතිපත්ති පවතින රජයෙන් ස්වායත්ත විය යුතුයි.
Update 07/April 2022: මේ වනවිට #GoHomeGota2022 පණිවුඩය ප්ලූටෝ පසු කර සොරග්‍රහ මණ්ඩලයේ පිටත සීමාව වන කුයිපර් පටිය තුලින් ගමන් කරමින් පවතිනවා.
Update 9/April 2022: මේ වන විට විශ්වයට නිකුත් කරන ලද #GoHomeGota 2022 හෑශ්ටැගය සහිත පණිවුඩය පෘඨිවියෙන් කිලෝමීටර බිලියන 64.5 එපිටින් හෙවත් සොරග්‍රහ මණ්ඩලයටත් ඔබ්බෙන් පිහිටි අන්තර්තාරීය අවකාශය ඔස්සේ ගමන් කරමින් පවතිනවා. මෙම දුර පෘථිවියට එපිටින්ම පවතින කෘතිම වස්තුව වන වොයෙජර් 1 යානය මෙන් 3.3 ප්‍රමානයක් වනවා.