නිව් හොරයිසන්ස් යානය මගින් ලබාගත් ප්ලූටෝ වාමන ග්‍රහයාගේ ඡායාරූප ඇසුරින් ඒ මත තවමත් සක්‍රීය ලෙස යමහල් ක්‍රියාත්මක වන පර්යේශකයන් පිරිසක් අනුමාන කරනවා. ඉතාමත් පහල උශ්නත්වයක පවතින ප්ලූටෝ ග්‍රහයාගේ යමහල් වලින් නිකුත් වන්නේ ලාවා වෙනුවට ද්‍රව ජලයයි. මේ අනුව රයිට් සහ පිකාඩ් ලෙස හඳුන්වනු ලැබූ කඳු, අයිස් යමහල් විය හැකි බවට සැක පලවනවා. මෙම කඳු මුදුන මතද පෘථිවිය මත දැකිය හැකි ගිනි කඳු වල මෙන් විශාල ආවාටයක් දැකිය හැකියි. ප්ලූටෝ වාමන ග්‍රහයා ගේ බෝහෝමයක් තැන් වල උල්කාශ්ම නිසා හටගත් ආවාට දැකිය හැකි වුවද මෙම කඳු අවට කිසිදු ආවාටයක් දැකිය නොහැකි නිසා භූ විද්‍යාත්මකව මෙම ප්‍රදේශය සාපේක්ශව මෑතකදී නිර්මානය වී ඇතැයි සලකන්නට පුලුවන්. මේ අනුව ප්ලූටෝ මත ද්‍රව ජලය පැවතීමට ඉහල හැකියාවක් පැවතියත් ජීවයක් හට ගැනීමට ඇති සම්භවිතාවය ඉතාමත් අඩු යැයි පර්යේශකයන් තවදුරටත් ප්‍රකාශ කර සිටිනවා.