විශ්වයේ ඉතිහාසය දකින්නට James Webb සුදානම්

මේ වනවිට එම දුරේක්ෂයේ හැකිලිය හැකි සම්පුර්ණ විශාලත්වය මීටර 6.5ක් වන ෂඩාශ්රාකාර පරාවර්තක 18ම නිසිපරිදි ස්ථානගත කර ඇති බවත් එහි මුලික ප්‍රතිඵල පර්යේෂකයන් විසින් අපේක්ෂා කරාටත් වඩා ඉහල මට්ටමකින් පවතින බවත් ඔවුන් වාර්තා කරනවා. මෙම ස්ථානගතකිරීම් ආරම්භකරනු ලැබුවේ පසුගිය ජනවාරි මසයි. ඒ සඳහා ඔවුන් මුලික කරගත්තේ HD84406 තාරකාවයි. එය ඇසින් දැකිය හැකි ආලෝකයටත් වඩා 100ගුණයකින් පමණ දුර්වල ආලෝක ප්‍රභවයක් බැවින් වඩා ප්‍රතිඵලදායක නිරීක්ෂණයක් සදහා එම තාරකාව තෝරාගත් බවයි පර්යේෂකයින් පෙන්වාදෙන්නේ.

මෙහි සංවේදක කීපයක් ඇති අතර ඒවා සියල්ල දෘශ්‍ය වර්ණාවලියේ පරාසයට වඩා අඩු සහ වැඩි තරංග ආයාමයන් සදහා නිර්මාණය කර ඇත. එබැවින් මෙය හබල් දුරේක්ෂයට වඩා බොහෝ සංවේදී වන අතර ඉන් නිරීක්ෂණය කල හැකි හැකි දුර මෙතෙක් නිෂ්පාදනය කර ඇති සියලු දුරදක්නවලට වඩා වැඩිවේ. පර්යේෂණ සඳහා විශ්වය බිහිවූ දා සිට ආලෝක වර්ෂ නොගිණිය හැකි දුරක සිට තවමත් පැමිණෙන ආලෝකයන් ග්‍රහණය කරගැනීම විද්‍යාඥයන්ගේ මුලික අරමුණයි.

නුදුරු අනාගතයේදීම විශ්වයේ ඉතිහාසය පිළිබඳව ඉතා සුපැහැදිලි ජයාරූප අපට මෙමගින් දැකිය හැකි වනු ඇත.

පරාවර්තක 18ම ස්ථානගත කල පසු ලබාගත් HD84406 හි ජයාරූපය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )