පෘථිවි වායුගෝලයේ දී දැවීගිය දැවැන්තයා

මාර්තු 11 වැනිදා තාරකා විද්‍යාඥ Krisztian Sárneczky විසින් හංගේරියාවේ Budapest හි Konkoly නිරීක්ෂණාගාරයේ කොටසක් වන Piszkésteto සිට අහස නිරීක්ෂණය කරමිනි සිටින අතරතුර 2022 EB5 ලෙස නම් කර තිබුණු අඩි 10 (මීටර් 3) පමණ ප්‍රමාණයකින් යුතු ඇස්ටරොයිඩ් ග්‍රහකය පිළිබඳව අවධානය යොමුකර ඇත. නමුත් එම නිරීක්ෂණයෙන් විනාඩි 30 කට පසු ඉන් ලබාගත් දත්ත වලට අනුව එය පැය 2ක් ඇතුලත පෘතුවි වායුගෝලය සමග ගැටෙන බව ඔහුට වැටහී ඇත.

මෙම ග්‍රාහකය එදින පස්වරු 5:22 පමණ අයිස්ලන්තයට උතුරින් පෘථිවි වායුගෝලයට ඇතුල් වී ඇති අතර. එහි වේගය පැයට සැතපුම් 39,600 (පැයට කිලෝමීටර් 66,600) පමණ වූ බව පර්යේෂකයන් ගණනය කර ඇත. මෙය කුඩා ප්‍රමාණයේ ග්‍රහකයක් බැවින් දීප්තිමත් උල්කාපාතයක දර්ශනයක් අහසේ නිර්මාණයකර දැවියන්නට ඇති බව ඔවුන් පවසයි.

මෙය නිරීක්ෂකයෙකු විසින් ලබන ඉතා දුලබ අත්දැකීමක් බව පර්යේෂකයන් පවසයි. තාරකා විද්‍යාඥ Krisztian Sárneczky, 2020 අගෝස්තු මස සිට මේ දක්වා පෘථිවියට ආසන්න ග්‍රහක පිළිබඳව පර්යේෂණ වල නියැලෙනද ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )