තවත් සුපර්නෝවා පිපුරුමක්!

යුරෝපීය දක්ෂිණ නිරීක්ෂණාගාරය (ESO) මගින් එහි නව තාක්ෂණික දුරදක්නය හෙවත් New Technology Telescope (NTT) භාවිත කරමින් මෑත කාලීනව සිදුවුණු තාරකා පිපිරීමක් පිලිබඳ පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙය සුපර්නෝවා පිපුරුමක් බව ඔවුන් පවසයි. මෙය සිදුව ඇත්තේ ආලෝක වර්ෂ 500 ක පමණ දුරින් පිහිටි Cartwheel මන්දාකිනියේය. එම මන්දාකිනියේ විශේෂත්වය වන්නේ එය මිට වසර මිලියන කීපයකට පෙර ඊට ආසන්නයේ තිබුණු තවත් කුඩා මන්දාකිණියක් සමග මිශ්‍රව නිර්මාණය වුනු මන්දාකිණියක් බවට පර්යේෂණවලින් නිගමනය කර තිබීමයි.

වම්පස ජායාරූපය 2014 අගෝස්තු මස ලබාගත්තක් බවත්, දකුණු පස ජායාරූපය 2021 දෙසැම්බර් මස ලබාගත්තක් බවත් ඔවුන් පවසයි. එම ජයාරූප වල වම්පස පහල කෙලවරට ආසන්න ප්‍රදේශයේ රතු පැහැති ඊතල හිස අසල දැකිය හැකි වෙනස්කම් අනුව ඔවුන් දැනට එම නිගමනයට එළඹ ඇති අතර ඒ පිළිබඳව ඔවුන් තවදුරටත් පර්යේෂණ කටයුතු සිදුකරයි. එමෙන්ම ඔවුන් පවසන ආකාරයට මෙය නව පිපුරුමක් බැවින් තවත් බොහෝ කාලයක් මෙය පර්යේෂකයන් හට නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )