යුක්‍රේනයේ සිදු කරගෙන යන රුසියානු යුධ මෙහෙයුම් හේතුවෙන් සෝවියට් අභ්‍යවකාශ ශටල ප්‍රවාහනය සඳහා විශේෂයෙන් නිපදවන ලද ලොව විශාලතම ගුවන් යානය ලෙස අභිශේක කරන ලද ඇන්ටනොව් AN-225 ගුවන් යානය විනාශ වී ගොස් තිබෙනවා. මෙය හඳුවන්වන ලද අන්වර්ථ නාමය වන “මිර්යා” යන රුසියන් වදනෙහි අරුත වන්නේ “සිහිනය” යන්නයි. මෙම යානය අලුත්වැඩියා කටයුතු සඳහා ගොස්ටෝමෙල් ගුවන්තොටුපලේ නවතා පැවති අතර පසුගිය 24 වන දින සිදු කරන ලද රුසියානු ප්‍රහාරයක් හේතුවෙන් මෙසේ විනාශ වී ගොස් තිබෙනවා.
AN-225 යානයේ ඉතිහාසය 1985 වසර තෙක් අතීතයට දිවයන අතර එය විශේෂයෙන්ම නිශ්පාදනය කරනු ලැබුවේ එනර්ජියා කාන්ඩයේ රොකට් බූස්ටර ප්‍රවාහනයට සහ “බුරාන්” හෙවත් හිම කුණාටුව ලෙස හඳුන්වන ලද සෝවියට් අභ්‍යවකාශ ශටලය ප්‍රවාහනය සඳහායි. මෙම වර්ගයේ ගුවන් යානා දෙකක් නිපදවීම සඳහා කටයුතු කලද සෝවියට් සංගමය 1991 වසරේ බිඳ වැටීමට පෙර නිශ්පාදනය කිරීමට හැකිවූයේ එක් ගුවන් යානයක් පමනයි. ස්වයංක්‍රීය අභ්‍යවකාශ පියාසැරි එකක් පමනක් සිදු කරන ලද බුරාන් අභ්‍යවකාශ ශටල වැඩසටහනද 1993 වසරේ අවලංගු කරන ලද අතර ඉන්පසු මෙම ගුවන් යානය භාන්ඩ ප්‍රවාහන යානයක් ලෙස භාවිතා කරනු ලැබුවා. විනාශ වූ ගුවන් යානය යලි පිලිසකර කිරීමට ඩොලර් බිලියන තුනක මුදලක් සහ වසර පහකට වඩා කාලයක් ගතවෙතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.