නව ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 49 අභ්‍යවකාශ ගතවේ

ෆෝල්කන් 9 රොකට්ටුව නාසා ආයතනයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගතවූ අයුරු

ස්පේස් X සමාගම මගින් තම ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවා සැපයුම සඳහා නව චන්ද්‍රිකා 49 අභ්‍යවකාශගත කරනු ලැබුවා. මේ වන විටත් ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 1800 පමන සක්‍රිය සේවයේ නිරතවනවා. මෙම කක්ශගත කිරීම සිදු කරනු ලැබුවේ පෙබරවාරි 3 වන දින ෆෝල්කන් 9 රොකට්ටුවක් ආධාරකර ගනිමිනුයි. ඉන් පසු එම රොකට්ටුව අත්ලාන්තික් සාගරයේ ස්ථානගත කර තිබූ ඩ්‍රෝන නැවක් මතට සාර්ථකව ගොඩබසිනු ලැබුවා. පෘතුවියේ ඇති අන්තර්ජාල සබඳතා සීමිත ප්‍රදේශ ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන ස්ටාර්ලින්ක් සේවය වෙනුවන් චන්ද්‍රිකා 42,000 අභ්‍යවකාශ ගත කිරීමට ස්පේස් X සමාගම බලාපොරොත්තු වනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )