අඟහරු ග්‍රහයා මතුපිට සුලං නිසා හටගන්නා කම්පන ආධාර කර ගනිමින් එහි මතුපිට පෘශ්ඨයේ සිට මීටර 200 දක්වා ගැඹුරක් දක්වා විහිදෙන භූගත සිතියමක් නිර්මානය කිරීමට පර්යේශකයන් සමත් වී තිබෙනවා. මේ සඳහා ඔවුන් ඉන්සයිට් යානයේ සංවේදක යොදා ගනු ලැබුවා. මේ තුලින් අඟහරු ග්‍රහයාගේ ඉතිහාසය පිලිබඳ වැදගත් කරුනු ගනනාවක් අනාවරනය කර ගැනීමට පර්යේශකයින් සම්ත් වී තිබෙනවා. ඒ අනුව අඟහරු මතුපිටම පිහිටි වැලි සහිත ස්ථරය මීටර තුනක් පමන පහලට විහිදෙනවා. පුදුමසහගත ලෙස මතුපිට පෘශ්ඨයට මීටර 30-70 අතර ගැඹුරින් ඝනීභවනය වූ ලාවා ස්ථර දෙකක් අතර අවසාදිත ස්ථරයක් පිහිටා තිබෙනවා. මෙම පිහිටීමට නිශ්චිත හේතුවක් ඉදිරිපත් කිරීමට මේ දක්වා හැකියාවක් ලැබී නැහැ. නමුත් දත්ත අනුව මෙම ලාවා ස්ථර වල වයස පිලිවෙලින් වසර බිලියන 1.7 සහ 3.6 ලෙස ගනන් බලා තිබෙනවා. මෙම ගවේශනයට අදාල පර්යේශන පත්‍රිකාව මෙම සබැදියෙන් කියවීමට හැකියි.
